Toxic කියන නමින් හදුන්වන කතාවෙ චුටි හැදින්වීමක් කරොත් මේක එක ගෑනු ලමයෙක්ගෙ කතාවක්,එයාට ජීවිතේ එන බාදක නිසා සමාජයේ අඩු පිලිගැනීමක් තියන රස්සාවක් කරන්න සිද්දවෙනවා,හරියට අපේ බාශාවෙන් කිව්වොත් නරක රස්සාවක් හැබැයි මේක ඇග විකුනල කරන රස්සාවක් නම් නෙවේ මම ඒක ඉස්සරහට පැහැදිලි කරන්නම්,
හරි අපි දැන් මේ කතාවෙ ඉන්න චරිතටික හදුන ගමු, ඊට කලින් කියන්න ඕනෙ කතාව මට හිතන එන විදිහට තමා ලියන්නෙ අලුත් චරිත ඉස්සරහට එන්නත් පුලුවන් නැති වෙන්නත් පුලුවන් මොනවා උනත් මගෙ අඩු පාඩු වෙනවනම් ඔයාල මට උදව් කරයි කියල මම බලාපොරොත්තු වෙනවා..
හරි එහෙන්ම් දැන් පටන් ගමු,SOLAR
මෙ ඉන්නෙ solar, මෙයා තමා මේකෙ ප්‍රදාන චරිතය විශ සහිත කියන අර්තය ඇතුලත් toxic කියන නම බාවිතා කරන්න ප්‍රදාන් හේතුව solar,ඒක ඔයාලට ඉස්සරහට තේරුම් ගන්න පුලුවන් වෙයි..මෙයාගේ පවුල් පරිසරය ගැන කතා කරොත්..මෙයාගෙ තාත්තා businessman කෙනෙක් ඒත් ආවසනාවන්ත ලෙස එයාට අවුරුදු 18 දී තාත්තාට හතුරුව සිටිය මනුස්සයෙක්ගෙ අතින් තාත්තා වෙඩිවැදිලා ඝාතනයට ලක් උනා තමන්ගෙ සිය පවුල ඉස්සරහම,,ඒක ඇස් දෙකෙන්ම් දැක්ක අම්මට මානසික රෝගයකට මූන දෙන්න සිද්ද උනා,,ලස්සනට තිබුනු කුරුලුකැදැල්ලක් විනාස වෙලා කෑලි කෑලි වලට වෙන් වෙන්න තත්පරයක්වත් ගත උනේ නෑ.
හැබැයි solar කියන්නෙ හරිම අමුතුම චරිතයක් .තාත්තාගේ මරනය ඇස් දෙකෙන්ම දැක්කත් ජීවිතේ කිසිම තැනක වැටුනේ නෑ,ඒත් එයාට ජීවිතේ සල්ලි ප්‍රශ්න නම් ගොඩාක් තිබුනා මොකද අම්මගෙ අසනීපයට එයාට ගොඩාක් වියදම් කරන්න සිද්ද උනා ඒ වෙනුවෙන් එයාට රස්සාව හැටියට එයා තෝරගත්තේ clubs වල pole dancer කෙනෙක් සහ hotel එකක rooms cleaning තමා,ඒත් කිසිම තැනක එයාට තාත්තාගෙ මරනයට වග කියන්න ඕන මනුස්සයගෙ මූන නම් එයාට කවදාවත් අමතක උනේ නෑ .. මොනදේ සිද්ද උනත් මොන සාක්ශියක් ඉදිරිපත් කරත් එයාටයි එයාගෙ අම්මටයි නීතියෙන් සාදාරනයක්නම් සිද්ද උනේ නෑ
YOU ARE READING
TOXIC
Romance(About an iron girl who faces obstacles in life) ජීවිතයේ බාධක වලට මුහුණ දෙන යකඩ දැරියක් ගැන...... (Especially for kids over 18 only) මේක 18න් උඩ වැඩිහිටි ලමුන් සදහා,,,(18+)