" එතකොට..ඒ දේවල් පොඩි මහත්තයා දැන ගත්තෙ එහෙමයි.." Namjoonගේ පසෙකින් ඇද මත වාඩි ගනිමින් Hyeon jun පැවසීය.
" Ommaගෙ ඩයරි එකේ ගොඩාක් දේවල් තිබුනේ නෑ..මම දන්නේ මට සහෝදරයෙක් ඉන්නවා කියන එක විතරයි.. මට හැමදේම මුල ඉදන් දැනගන්න ඕනේ Hyeon jun..."
Hyeon jun මද නිහඩතාවකින් පසු තම හඩ විවර කලේය.
" මේක කවදාවත් කාටවත් එළි වෙන්න ඕනෙ කියලා මැඩම් yoonah බලාපොරොත්තු වුනේ නෑ..අඩුම තරමින් පොඩි මහත්තයාවත් මේක දැනගන්න ඕනෙ කියලා මැඩම් හිතුවෙ නෑ..මං හිතන්නේ පොඩි මහත්තයා ඒ දේවල් දැනගන්න දැං කාලෙ හරි වගේ... ඒත් ඊට කලින් මට පොරොන්දුවක් වෙන්න පොඩි මහත්තයා..🙁කවදාවත් මේක වෙන කෙනෙකුට දැන ගන්න තියන්න එපා..විශේෂයෙන් ලොකු මහත්තයට...ඒ වගේම.. මේ ඇත්ත කොච්චර අමිහිරි උනත් ඒක දරාගන්න පුලුවන් කියලාත් මට පොරොන්දු වෙන්න."
" ඒ ඇත්ත කොච්චර දරාගන්න අමාරු උනත් මං මගේ Omma වෙනුවෙන් ඒක දරාගන්නවා..මං ඒක පොරොන්දු වෙනවා.."
තම කාතාව කොතනින් ආරම්භ කල යුතුදැයි සිතා බැලීමට මෙන් Hyeon jun ලොකු හුස්මක් ගන්නට විය.
🍃🍃🍃🍃🍃🍃🍃
" මේ හැමදේම පටන් ගත්තේ seoul වල දැනටත් ලොකු නමක් දරන Riyo company එකෙන් තියපු පාටි එක දවසේ..එදා ගොඩක් ලොකු ව්‍යාපාරවල අයිතිකාරයින්ට ඒ පාටි එකට ආරාධනා කරලා තිබුණා..අපේ Yeonbin sir ටයි පවුලේ අනිත් අයටත් ඒ පාටි එකට ආරාධනා කරලා තිබුනා..ඒ පාටි එකට පොඩි මහත්තයත් ගියා..පොඩි මහත්තයට මතකද දන්නෙ නෑ.."
" ඒ වගේ party කීයකට මම ගියාද..මට එහෙම විශේෂ මතකයක් නැහැ.."
" එදා පාටි එක වෙලාවේ පොඩි මහත්තයට ටිකක් අසනීප වෙන්න ගත්තා.ඒක නිසා yoonah madam පොඩි මහත්තයා වත් අරන් ගෙදර එන්නයි ලෑස්ති උනේ..ඒත පොඩි මහත්මයාගේ අසනීපේ හින්දා මැඩම් කලබලේට purse එක Hotel එක ඇතුලේ දාලා ඇවිත් තිබුනා.."
" Hyeon jun, මං හිතන්නේ මම වොෂ් රූම් එකේ පර්ස් එක දාල ඇවිත්. ඔයා Joonie එක්ක ඉන්න මං ඉක්මනට එන්නම්."
"ඒ වෙනකොටත් පාටි එක ඉවර වෙලා තිබ්බෙ නෑ..ඒක නිසා Yeonbin සර් අපිත් එක්ක ආවෙ නෑ.
YOU ARE READING
BLOOD SWEAT & TEARS ( chapter 13 onwards )
Fanfiction[ SLOW UPDATE ] 🥀 ලේ ,දහදිය, කඳුළු වලින් හෙම්බත් වෙච්ච එක පවුලක ආදරය හොයන ජීවිත හතක් එකින් එක බැඳිලා තියෙන්නේ හරි අපූරු විදියට..💜️ ඒ අඳුරේ තිබුණු ජීවිතවලට නැවත ආලෝකය ගේන්න ආදරය❤ සහෝදරත්වය💜️ වගේම මිතුදමට💜️ පුළුවන් වෙයිද? this is the story of BLOO...