"Appa.."
Hyeon jun ඉදිරි දොර අසල මුවේ සිනාවක්ද රදවාගෙන රැදී සිටින්නට වූයේ jiminව පුදුමයට පත් කරමිනි.
" jimin-ah... කවුද ආවේ.. "යැයි ඔහුගේ මව කෑම කාමරයේ සිට අසන්නට වූවාය.
Hyeon jun ජිමින්ද සමගින් කෑම කාමරයට යන විට ඔහුගේ මව තම කෑමට අවදානය යොදා සීටි බැවින් hyeon jun කාමරයට පැමිනි බව නොදුටු නමුත් තම දියනියගේ කෑගෑසීමත් සමග ඇය හිස ඔසවා බලන්නට වූවාය.
"Appa !!! Omma..Appa ගෙදර ඇවිල්ලා.. " යැයි පවසමින් ඇය hyeon jun වෙත දුව යන්නට විය.
එයින් jimin ගේ මවගේ අතෙහි වූ හැන්ද මේසයට වැටෙන්නට වූයේ ඇය නොදැනුවත්වමයි.
⏳---මද වේලවකට පසු ---⏳
"Appa... ගෙදර එනවනම් ඇයි මට නොකිව්වෙ.. එහෙනම්..මාත් එක්කම එන්න තිබුනනේ.."
"හැමදේටම කලින් මට කියන්න.. ඔයා මගේ මෙසේජ් එක බලුවද කියලා."
"අහ්...මගේ ෆෝන් එකේ බැට්‍රි තිබුනේ නෑ..ඒක හින්දා මට මෙසේජ් එක මග ඇරෙන්න ඇති.... Miyan "
" ඒක තමයි. ඔයා ගෙදර යනව කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා මං දැක්කා.. හැබැයි එතකොට ටිකක් පරක්කුයි. මම ඔයාට කියන්නයි හිටියේ.."
" මට ඕනෙ උනේ ඔයාට කෝකටත් කියන්නයි... ඒ උනත් මං හිතුවෙ නෑ ඔයා ඒවි කියලා.. මොකද.. ඔයා වෙනදට එන්නෙ නෑනේ.." එයින් නැවතත් තිබූ තත්වය වෙනස්ව Hyeon jun ගේ මුහුන කනගාටු ලෙස පහත් වන්නට විය.
" කෝ දැං කතා කරා ඇති. මේ කෑම ටික කාල ඉන්න. කෑම සීතල වෙන්න දෙන්න හොද නෑ.. කෝ..කෝ.. කන්න කන්න. " කතාව වෙනතකට හරවමින් jiminගේ මව පවසන්නට වූයේ තිබූ වතාවරනය සමතයකට පත් කරමිනි.
කෑමෙන් පසු jimin A young සමග ඈ කැමති ක්‍රීඩාවක යෙදෙන්නට වූවත් ඔවුන්ගේ මවගේ කීම මත දෙදෙනාටම නින්දට යන්නට සිදුවිය.
පසුව නිවසින් පිටත එලිමහනෙ hyeon jun තවමත් නින්දට නොගොසින් සිටිනු දැක ji un(ජිමින්ගේ මව) ඔහු අසලට යන්නට විය.
"නිදාගන්න අදහසක් නැද්ද "
"ම්හ්..හ්ම් නිදා ගන්න හිතෙන්නෙ නෑ.."
" A youngට අද ගොඩක් සතුටුයි. එයාගෙ අයියයි , තාත්තයි දෙන්නම අද ගෙදර ඉන්නවනේ..වෙනදටනම් ඉතිං තනියෙම ඔය මොන මොනා හරි කර කර ඉන්නේ"
YOU ARE READING
BLOOD SWEAT & TEARS ( chapter 13 onwards )
Fanfiction[ SLOW UPDATE ] 🥀 ලේ ,දහදිය, කඳුළු වලින් හෙම්බත් වෙච්ච එක පවුලක ආදරය හොයන ජීවිත හතක් එකින් එක බැඳිලා තියෙන්නේ හරි අපූරු විදියට..💜️ ඒ අඳුරේ තිබුණු ජීවිතවලට නැවත ආලෝකය ගේන්න ආදරය❤ සහෝදරත්වය💜️ වගේම මිතුදමට💜️ පුළුවන් වෙයිද? this is the story of BLOO...