PUZZLED

232 50 20
                                    

"Tae Tae මං ඔයාව හොයාගත්තා..ඒ කියන්නේ ඔයා ජීවත් වෙනවා..මං දැනන් හිටියා..ඔයා ජීවත් වෙනවා කියලා.."

Jimin ගේ දෑසින් නොකඩවා කදුලු කඩා හැලෙන්නට වූයේ තම පැරණි මිතුරා නැවත සොයා ගැනීමට ලැබීමේ සතුට නිසාවෙනි.

"මෙච්චර කාලෙකට පස්සෙ ඔයා මට ආයෙත් මෙහෙම හම්බෙයි කියලා මම කවදාවත් හිතුවෙ නෑ..ඇයි මට නිකමටවත් නොහිතුනේ Taehyung කියන්නේ Tae Tae කියලා..
ඒ උනත්..Taehyung කියපු විදියට එයාගෙ Omma ජීවත් වෙනවා..එයා හිතලම බොරු කිව්වද? අනික එයා Daegu වලට ගියේ කොහොමද..එයාට තාමත් හැමදේම මතක තියෙනවද? එහෙමත් නැත්තන් ඒ හැමදේම අමතක වෙලාද..එයාට මාව අදුරගන්න බැරි උනාද?" jimin කල්පනා කරන්නට වූවාය.නමුත් ඔහු හට ඉතිරි වූයේ පිලිතුරක් නොමැති ප්‍රශ්න ගනනාවකි.

" මේ විදියට එයාගේ Omma වයි Appaවයි හංගන්න නම් එයාට හේතුවක් තියෙන්නම ඕනේ.. ඒ එයාගේ අතීතේ එයාට මතක හින්දවත්ද? ඒත් මේ විදියට හංගපු දෙයක් Yoongi hyung හොයාගත්තෙ කොහොමද ? මේ හැම දේකටම මට උත්තර හොයාගන්න වෙයි."jimin තමාටම අදිටන් කර ගනිමින් Taehyung ගේ කාමරයෙන් නික්මෙන්නට විය.

~~~~~~~~~~~~

"Jimin ඔයා හිතුවට වඩා වෙලා ගියානේ ආපහු එන්න...ෆෝන් එක ගෙදර තිබුනනේ..
Taehyung නුත් ආවා ඕඩර් එක ආපහු බාර දීලා."
Jimin කැෆේ එකට ඇතුලු වනවාත් සමග jin ඔහුගෙන් අසන්න්ට විය.

Jin ගේ ඇමතීමත් සමග වැඩ කරමින් සිටි Taehyung ගේ අවදානයත් ජිමින් දෙසට යොමු වන්නට විය.

දෙදෙනාම තමාගෙන් උත්තරයක් ලැබෙන තුරු බලා ඉන්න බව තේරුනු විගස ජිමින් තමා කුමක් ඒ සදහා කිව යුතුදැයි තමාගේ මනස එක්කම අරගල කරන්නට වූවාය.

"අහ්.. ඔව්.. මම ටිකක් වෙලා ගියා තමයි. අම්මට සල්ලි හදිස්සියක් කියලා මගෙන් සල්ලි ටිකක් ඉල්ලුවා.. මම ඒක දාන්න බැංකුවටත් ගිහිල්ලයි ආවේ.'' ඔහු බොරුවක් කීවත් අනෙක් දෙදෙනා එය විශ්වාස කල බව හැගුනේ ඔවුන් තවත් කිසිවක් ඔහුගෙන් ප්‍රශ්න නොකෙරූ නිසාවෙනි.

සුපුරුදු පරිදි ඔහු කඩේ වැඩ කිරීමට පටන්ගන්නට වූ අතර තමා Taehyung පිලිබද දැනගත් බව පෙනවා නොසීටීමට jimin හැකි පමණ වග බලා ගන්නට විය.නමුත් ඔහුගේ පිලිතුරක් නොමැති ප්‍රේහෙලිකව තවමත් ඔහුගේ හිතට වද දෙන්නට වූයේය.

BLOOD SWEAT & TEARS ( chapter 13 onwards )Where stories live. Discover now