පසුදින උදෑසන Yoongi හට එතරම් සුභ නොවූයේ රාත්රියේදී පානය කල සෝජු වල තරම හොද හැටි ඔහුට කියා දෙමිනි.
නින්දෙන් අවදි වූ වෙලේ පටන් ඔහු නොකඩවා වමනය කරන්නට උනේ එබැවිනි.
නාන කාමරයෙන් එළියට පැමිනි Yoongi නොනවතින හිසරදයක් සමගම තම කාමරයේ දොර වෙතට යන්නට වුනේ කව්රුන් හෝ විසින් කල තට්ටු කිරීමක් නිසායි.
" ආයිශ්...මේ ඔලුව පැත්තකින් තිබ්බනම් මීට වඩා හොදයි "😖 තමාටම මුමුනමින් ඔහු දොර විවෘත කරන්නට වූ නමුත් දොර ඉදිරිපිට කිසිවෙකු නොවූයෙන් ඔහු වට පිට බලන්නට විය.
Yoongi ගෙ නෙත් තම පාද වලට යොමු වූයේ කකුලේ යමක් ගැටෙනවාත් සමඟයි.
බන්දේසියක තබන ලද කෑම බදුනක් තම දොරකඩ තිබෙන අයුරු ඔහුට දැක ගත හැකිවිය.
බන්දේසිය අතට ගත් Yoongi ඒ අසල තිබූ කඩදාසිය අතට ගෙන එය කියවන්නට විය.
" ඔය සුප් එක බොන්න. ඒකෙන් සහනයක් ලැබෙයි. :) Hyung "
එය හඬනගා කියවූ yoongi හට හිනා යන්නට වුනේ නිතැතිනි.
****************
" hyung..මට අද පොඩි ගමනක් යන්න තියෙනවා..ඒක නිසා.. කඩේට අද මට එන්න බැරිවෙයි. ඒ උනත් ඉක්මනින් ආවොත්..මම කඩේට එන්නම්. ඒකට කමක් නෑ නේ.." Taehyung අසන්නට වුනේ තම කඩේට යෑමට සැරසී සිටි jin ගෙනි.
" ආ..එහෙමද..ඒකටනම් ප්රශ්නයක් නෑ..ඔයා ගිහින් එන්නකෝ.."
" hyung..මට අද ඔයත් එක්ක cafe එකට එන්න පුලුවන්ද ?" කිහිලිකරු ආදාරයෙන් එතනට පැමිනි Hoseok අසන්නය විය.
" cafe එකට.."
" ඔව්. අද jiminනුත් නැති නිසා..ගෙදට්ට වෙලා තනියෙන් ඉන්නවට වඩා..මං හිතුවා ඒක හොඳයි කියලා..🙁ඒ උනත් ඒක කරදරක් නම් මං ඉන්නම්."
" Hoseok..😑ඔයා කරදරයක් කියලා හැමවෙලේම හිතන එක නැවත්තන්න. Customers ලත් හැමවෙලේම එන්නෙ නෑනේ..කම්මැලිකමේ තනියෙන් ඉන්නවට වඩා ඔයා ඉන්න එක ගොඩක් හොදයි." 🙂
Taehyung එය අනුමත කිරීමට හිස සැලීය.
" ඒත් Hoseok hyung..ඔයාට crutches වලින් ඇවිදින්න පුලුවන්ද..?" 🙁
YOU ARE READING
BLOOD SWEAT & TEARS ( chapter 13 onwards )
Fanfiction[ SLOW UPDATE ] 🥀 ලේ ,දහදිය, කඳුළු වලින් හෙම්බත් වෙච්ච එක පවුලක ආදරය හොයන ජීවිත හතක් එකින් එක බැඳිලා තියෙන්නේ හරි අපූරු විදියට..💜️ ඒ අඳුරේ තිබුණු ජීවිතවලට නැවත ආලෝකය ගේන්න ආදරය❤ සහෝදරත්වය💜️ වගේම මිතුදමට💜️ පුළුවන් වෙයිද? this is the story of BLOO...