පාර්සලයේ තිබී yeonbin පිටතට ගන්නට වූයේ පැරණි පත්තරයක මුල් පිටුවක කොටසකි.එය දුටු විගස ඔහු එය හදුනාගන්නට විය. තමාගේ රූපයක්ද සමග එහි පලකර තිබූ ලිපිය ඔහු හට කිසිදා අමතක නොවූ දෙයක් වුවාය.
පැරණි පත්තරය පිටතට ගත් විගස ඔහුගේ නෙත ගැටුනේ දෙකට නවා පත්තරය යටින් තබා තිබූ කඩදාසියකි.එය අතට ගත් ඔහු එය දිගහැර එහි ඇති දෑ කියවන්නට විය.
" මගේ තෑග්ගට ඔයා කැමතී කියලා හිතනවා.."
තමාට මේ විහිලුව කරන්නේ කවුරුන්දැයි දැනගැනීමට Yeonbin ට උවමානා විය.
🗣️" jiseok..."
" කියන්න sir මොකක් හරි ප්‍රශ්නයක් ද .." yeonbin ගේ ආමන්ත්‍රණයෙන් ඔහුගේ සගයා වූ jiseok පැමින අසන්නට විය.
🗣️" මට කියනවා..කව්ද මේ පාර්සලේ මට එව්වේ.."
" joesonghabnida.. sir..මේක ගේට් එකේ ගාඩ් තමයි දීලා ගියේ.."
🗣️" එහෙනම් ඉක්මන් කරලා ගාඩ්ව මෙතනට ගෙන්නනවා.."
ගාඩ් පැමිනි පසු~
" මට එන්න කිව්වද sir.."
" මට කියනවා..මේ පර්සලේ ගෙනත් දීපු කෙනාව තමුන්ට මතකද?" 🤨
" අහ්...joesonghabnida..ඒත් sir..😓පාර්සලේ ගෙනත් දීපු කෙනාගෙ මූණ හරියට මම දැක්කෙ නෑ.."
" හරියට දැක්කෙ නෑ..මොකද්ද මිනිහො ඒ කතාවෙ තේරුම." 🤨
" sir..ඒ කෙනා මූණ වැහෙන්න හෙල්මට් එකක් දාගෙනයි හිටියේ..පාර්සලේ දීපු ගමන්..ඒක yeonbin sir ගෙ අතටම දෙන්න පුද්ගලික දෙයක් කියලා ඒ මිනිහා යන්න ගියා.."
" ආයිශ්.." yeonbin තම මේසයට වැරෙන් පහරක් ගසන්නට වුයේ කෝපයෙනි.
" තමුන්ව මං ගාඩ් කමට දාලා තියෙන්නෙ ඒකටද මිනිහෝ..ආයෙත් මේ වගේ වැරැද්දක් උනොත් රස්සාව ගැන බලාපොරොත්තුව අතඇරගන්නවා..දැං යන්න පුලුවන්...jiseok.. මට ගේට් එක ගාව CCTV චෙක් කරන්න ඕනෙ."
Yeonbin තම සගයා වූ jiseok සමග නිවසේ CCTV පරීක්ෂා කරන්නට විය. පාර්සලය ගෙනත් දීපු තැනැත්තා හා ගාඩ්වරයා සමග සිදුවූ කතා බහ ආරක්ෂක කැමරා වල සටහන්ව තිබුනත් ඔහු හදුනා ගැනීමට හැකියාවක් නොවූයේ ඔහු පැලදි සිටි හිස් ආවරනය හේතුවෙනි.
ESTÁS LEYENDO
BLOOD SWEAT & TEARS ( chapter 13 onwards )
Fanfic[ SLOW UPDATE ] 🥀 ලේ ,දහදිය, කඳුළු වලින් හෙම්බත් වෙච්ච එක පවුලක ආදරය හොයන ජීවිත හතක් එකින් එක බැඳිලා තියෙන්නේ හරි අපූරු විදියට..💜️ ඒ අඳුරේ තිබුණු ජීවිතවලට නැවත ආලෝකය ගේන්න ආදරය❤ සහෝදරත්වය💜️ වගේම මිතුදමට💜️ පුළුවන් වෙයිද? this is the story of BLOO...