₃₄⍣, I

256 72 20
                                    

⍣Chapter 34⍣
Part I


Kim Seokjin's View

"ඒක නෙවේ ජොන්ග්කුකායි, ජිමිනායි මොන ලෝකෙද? අන්න දවස් ගානක ඉදන් ම හොයාගන්න නැහැ කියලා එන්ටර්ටේන්ට්මන්ට් ටීම් එකේ ශින්මි කෑ ගගහා හිටියා" හ්‍යොන්ග් ඇහුවේ ථේහ්‍යොනාගෙන්. ථේහ්‍යොනාගේ ඇස් එකපාරටම කදුලින් තෙත්වෙන්න ගත්තේ මාවයි, නම්ජුනාවයි මූණෙන් මූණ බලවන ගමන්. "අනියා හ්‍යොන්ග්.. මේ ථේහ්‍යොනාගේ වෙඩින් එකට දෙන්නා එක්ක ගොඩක් මහන්සිවෙලා වැඩ කරන්නේ. ඉතිං කතා කරන්න වෙලාවක් ඇත්තෙම නැහැ දෙන්නට" නම්ජුනා ඉක්මනටම එහෙම කිව්වේ හ්‍යොන්ග් ට සැක නොහිතෙන්න. "හ්ම්.. හ්ම්ම්.. මනමාලයා කොච්චර බිසීවුණත් මෙතන ඉන්නවා එයාගේ යාලුවෝ දෙන්නා නැහැ!" ආයිශ් හ්‍යොන්ග් ට අහුවෙලා වගේ අපේ මොකක් හරි හොරයක් තියෙනවා කියලා.

"අනියා... හ්‍යොන්ග් දන්නවානේ ඒ දෙන්නාගේ වැඩ ඉතිං... අනික ඉතිං ජිසොන්ටත් දරුවා ලැබෙන්න නේ.." හෝබී අන්තිමේ හ්‍යොන්ග් එක්ක කතා කරලා වැඩේ පොඩ්ඩක් ෂේප් කලා. කොහෙද අපිට ථේහ්‍යොනාවත් තියලානේ එන්න තිබ්බේ. කියද්දී කියද්දීම ආවානේ. මට ප්‍රශ්නයක් නිසා එන්නම ඕනේ කියලා.

අන්තිමේ හැමෝම වගේ මීටින්ග් රූම් එකෙන් එලියට ආවේ තම තමන්ගේ වැඩවලට යන්න. අපි කොරිඩෝව දිගේ ඇවිදගෙන යද්දීත් වූසන් හ්‍යොන්ග් මට කිව්වේ මේ ටිකේ ගෙදරම ඉන්න කියලා. ඒ වගේම  Y/Nවත් ගෙදර තියාගන්න කියලා. මම එයා කියපු හැමදේම ඔලුව වනලා පිලිගත්තේ මේ ප්‍රශ්නයෙන් කොහොමහරි ගොඩඑන්න ඕනේ නිසා.

"සොක්ජින්ෂ්ෂී, මට ඔයා එක්ක කතා කරන්න පුලුවන් ද?" එකපාරටම පිටිපසින් ඇහුණ ඒ හඬ නිසා මම වගේම අපේ කට්ටියත් බැලුවා. ඒ යොන්ග්සු. එයාට මොනාද මේ වෙලාවේ මා එක්ක කතා කරන්න ඕනේ වෙලා තියෙන්නේ? මම ඔලුව වනලා එයා ලගට ගියා. මොනාවුණත් තරහා ගන්නේ නැතුව ප්‍රශ්න විසදගන්න එකනේ හොඳ කියලා හිතලා. සමහරවිට යොන්ග්සු ඔය මට කතා කරන්නේ සමාවගන්න ද දන්නේ නැහැ නේ.. හැමෝම ඉස්සරහා සමාව ඉල්ලන්නත් ඉතිං ලැජ්ජ ඇතිනේ. "නේ කියන්න යොන්ග්සුෂ්ෂී," මම කිව්වේ මගේ අත් කලිසම් සාක්කුවලට ඉක්මනටම ඔබාගන්න ගමන්.

Wishing On A Star pt.02Where stories live. Discover now