₅₃⍣, II

154 57 9
                                    

⍣Chapter 53⍣
Part II

Kim SeokJin's View

"ඉතිං.. පස්සේ... ඔය ටිකේ... පුදුමාකාර විදිහට ජිමිනායි, ජිසොනායි රණ්ඩුවුණා.." මම පඩිපෙල බහින ගමන්ම කතාව කිව්වා. "දෙන්නා ගහගන්නවත් එක්ක. දවසක් අපි ඉද්දීම ගහගත්තා" මම එහෙම කියද්දී Y/N ආයෙත් පුදුමයෙන් බැලුවේ මං දිහා හිතාගන්න බැරුව. "ජිමින් ගහගත්තා? ජිසොන් ඔන්නි එක්ක? මාරයි!" එයා කිව්වේ ඔලුව දෙපැත්තට වනන ගමන්. "නැතුව. එදා ගහගත්තේ අපි කන්න ගත්ත ක්‍රීම් බනිස් වගේකින්. මේ දෙන්නා ඒක සෙල්ලමක් කරගෙන! අපි හැමෝගෙම ඇඟවල්වල ක්‍රීම්.. අර දෙන්නා අන්තිමේ රණ්ඩු කරලා ගහගෙන අන්තිමේ අපිට හිනාවෙනවා. එදා ඉදන් අපි හිතාගත්තා අඩුවෙන් ඒ ගෙදර පැත්තේ යන්න. මොකද ඒක තමයි අපි කට්ටිය එහෙ ගියපු පලවෙනිපාර ජිමිනා බැන්දට පස්සේ හැමෝම එක්ක කෑමකට. ඒත් ඔයාට බලන්න තියෙන්නේ මේ දෙන්නා ගෙවල්වල අය එක්ක ඉන්න ලස්සන. හැමවෙලේම මේ දෙන්නාගේ රණ්ඩුවලට මැදිවෙලා අපි හැමෝම නොසෑහෙන්න තැලුනා. ජිමිනාටයි, ජිසොනාටයි රණ්ඩු කරලා ඇතිවුණේම නැහැ. අන්න ඒ නිසා.. අපිට මූණදෙන්න වුණ බයානක දේවල්වල අඩුවකුත් තිබ්බේ නැහැ. එකපාරක් ජිමිනා එක්ක තරහකට ජිසොනා අපේ මුලු කම්පැණි එකෙ හැමෝටම මැක්ඩොනල් එකෙන් කෑම ඕඩර් කරලා ජිමිනාගේ නමට. අන්තිමේ ජිමිනාට ගෙවන්න වුණා ඔක්කොම. ඕකම ජිමිනා ජිසොනාට කලා. එයා වැඩ කරපු කම්පැණි එකේ හැමෝටම ජිසොනාගේ නමට කෑම ඕඩර් කලා. ඒක නම් ජිසොනාට දරාගන්න බැරිවුණා. එයා මිරිට කතා කරලා, මිරී ථේහ්‍යොනාට කියලා අන්තිමෙ අපි තමයි ගෙව්වේ. ඔය වගේ ගොඩක් බයානක දේවල් මේ දෙන්නා කරලා තියෙනවා. දෙන්නාගෙම වැඩේ එකට එක කරන එක.

පස්සේ... ඔහොම ගිහින් දවසක් ජිමිනාගේ ඔම්මා ජිමිනාට කෑම පෙට්ටියක් හදලා ගිහින් දෙන්න කියලා ජිසොනාට කියලා... ජිසොනා ඒක දෙන්න ජිමිනා එදා කර කර හිටිය ෂූට් එක තියෙන ස්ටූඩියෝ එකට ගිහින්. අපේ ජිමිනාට ඉතිං flirt කරන එක නවත්තන්න පුලුවන්වැයි.. ජිසොනා ගිහින් තියෙන්නෙම ජිමින් කෙල්ලෙක් එක්ක ඕනෑවට වඩා ලංවෙවී කතා කර කර ඉන්න වෙලාවක. . ." මම කතාව මොහොතකට නැවැත්තුවේ කුස්සියට ගිහින් ජෙලි බෑග් එක පැත්තකින් තියලා උයන්න ගන්න ගමන්. "ඔයා ගිහින් අතනින් වාඩිවෙන්න.. මම උයන්නම්.. එතකන් එතන ඉදන් කතා අහන්න" මම කිව්වේ Y/Nට කෑම මේසේ පෙන්නන ගමන්.

"උදව් එපා?" එයා ඇහුවේ හුරතල් විදිහට මගේ ඇඟේ එල්ලෙන ගමන්. "අනී... මට පුලුවන්..." මම එහෙම කියලා එයාගේ කම්මුලකට ඇඟිල්ලකින් ඇන්නේ එයාව හුරතල් කරන්න. ඉක්මනින්ම මගේ බෙල්ලේ එල්ලුන Y/N මගේ කම්මුලකට ලොකු හාදුවක් දුන්නා. "හැබැයි කතාවත් ඔහොම කියන්න හොදද?" එයා එහෙම ඇහුවේ මම කතා කියන්නේ නැතිවෙයි කියලා හිතුන නිසා වගේ. මම ඔලුව වැනුවේ හා කියලා කියන්න.

🥀🥀🥀
[To be continued]

📝
හෙලෝ චොකෝස්,

මොනා වුණත් මම Y/N ට කැමතියි. කෙල්ල මෙතන ලෝක විනාසේ වුණත් කතා අහන එක නවත්තන්නේ නැහැ 😂😂😂✋🏻

_🐞මිස් මින්ට චොකෝ🦄_

Wishing On A Star pt.02Where stories live. Discover now