#4 - JUNGKOOK

759 192 4
                                    

ජංකුක් එකපාරට ඇහැරුණේ දැකපු හීනයක් නිසා. හීන් දාඩියක් නල්ලෙන් මතුවෙලා තියෙද්දි එයාට කවදාවත් නැතුව තම කාමරයෙ පාලු කම හොදට දැනෙනවා



ඒ හිනේ වෙනද වගෙ නෙමේ...



ඇදේ හාන්සිවෙලා හිටපු ජංකුක්ට දැනුනෙ එකපාරටම හුස්ම ගන්න බැරි වෙන විදිහ.උගුරෙ මොනා හරි දෙයක් තියෙනවා

ජංකුක්ගෙ මුලු උගුරම ටූලිප් මල් පෙති වලින් හිර වෙලා

එයාට හුස්ම ගන්න බැරි වුනා








ඔලුවෙ අතගහගෙන ජංකුක් කල්පනා කරන්නෙ

ඒක හීනයක් ද නැද්ද කියලා








එදා උදේ පාන්දර කුස්සියෙ ඉන්න ජංකුක් එයාගෙ පිජාමා එක පිටින්ම එහා මෙහා ඇවිද ඇවිද කල්පනා කරන්නෙ මේක කාටද කියන්නෙ කියලා

එයා කතා අහල තියෙනවා. මෙහෙම හීන පේන්නෙ අනිවාර්යෙන්ම Hanahaki කියන ලෙඩේ හැදෙන්න කලින් කියලා

එයා ඒ ලෙඩේ ගැන හොදටම දන්නවා

ජංකුක් හොදටම බයෙන් හිතන්නෙ එයාගෙ තුල තියෙන හැගීම් කොහොමද, කාටද, මොනාද කියන්නෙ කියලා

ජිමින් straight... ජිමින් කවදාවත් එයා ගැන හැගීම් ඇති කරගන්න එකක් නෑ...

'මං වගෙ කෙනෙක්ට වඩා කෙනෙක් එයාට මේ ලොකෙ හම්බවෙන්න ඕනෙ'

ජංකුක්ගෙ සිතුවිලි වලට බාධා වෙන්නෙ බොත්තම් උඩ ඉදල මැදකට වෙනකන් ඇරගෙන බ්ලෝන්ඩ් කොණ්ඩෙ හැම ඇතටම ගිහින් මූණ නින්ද නිසා ලාවට පෆ් වෙලා තියෙන දැන් කුස්සියට එන කෙනා ලගට

එක අතක් ගුලිකරගෙන නින්ද ඇහින් අයින් කරන්න බලන ජිමින් කෙලින්ම සින්ක් එක ගාවට ඇවිත් වතුර කෝප්පයක් පුරවනවා

ජංකුක්ගෙ අත කහනව ඒ ඒහා මෙහා ගිය කොණ්ඩෙ අත ගාන්න

"ගුහුඩ් මෝනිහෝන්"

ඈනුමක් එක්ක ජිමින් ජංකුක් දිහා බලල කියනවා, තොල ටිකක් උල් වෙලා

ගෝඩ් ජංකුක් ඒ තොල් දෙකට හාදුවක් නොදී ඉන්න ඉවසන ඉවසිල්ල



"අද බිසීද හ්යුන්?"



බලාපොරොත්තු ගොඩක් එක්ක අහන්නෙ ජංකුක්ට ජිමින්ව අලුතින් ඇරපු japchae කඩේට එක්න් යන්න ආසාවට, එයාලට එදා ශෙඩිවුල් එක හිස් ඒ නිසා දවසම නිකන් ඉන්න තියෙන්නේ



"අනේ සොරී ජංකුකී මං අද ජින් හ්යුන් එක්ක යන්න ගමනක් දාගත්තානෙ"



ආයෙත් තව යෝජනවක් ප්‍රතික්ෂේප කරා. ඒත් ජංකුක් ආයෙ බලනවා



"රෑට යන්න වත්..." please



"අපි එද්දි රෑ වෙයිනෙ... අනේ සොරි හොදෙ"



ජංකුක් කෙලගිලිනවා අමාරුවෙන් එයාගෙ පපුව හොදටම දැවිල්ල ගද්දි

'ගනන් ගන්න එපා'. හ්යුන් හේතුවක් නිසානෙ බෑ කිව්වෙ අනික ජංකුක් කොහොමද ජින් හ්යුන්ගෙයි ජිමින් හ්යුන්ගෙයි ගමනට මැදිහත් වෙන්නෙ

ඒත්

හිත අස්සෙන් කොනිත්තලා කියන්නෙ, 'ඇයි ඔයා එන්න කැමතිදවත් ඇහුවෙ නැත්තේ' කියලා

ඉතින් වතුර කෝප්පයත් එක්ක ජිමින් කාමරෙ පැත්තට යද්දි.

ජංකුක් කුස්සියේ සින්ක් එකට බරවෙලා කහිනවා

ඒ කහින කහින වාරයක් ගානෙ පපුව ගැලවෙන්න රිදෙනවා







කැස්ස නැවතුන ගමන් වතුරින් කට හොදල දැක්ක නොදැක්කා වගෙ හිමින් සැරෙ වතුර දාලා හෝදල යවන්න හදන්නෙ රතුම රතු පාර රෝස මල් පෙත්ත

Unrequited🥀 [COMPLETED] ✔Where stories live. Discover now