#5 - JUNGKOOK

719 194 7
                                    

"හ්යුන් ඔයා දන්නවද-"

ජංකුක් කෙලින්ම අහන්න ගියත් නවත්වන්නෙ එයාට ජිමින් බලාගෙන ඉන්නෙ වෙන කොහෙ හරි කියලා පේන නිසා

_____________________________

"ජිමිනී-හ්යු-"

ජංකුක් එතනට දුවගෙන එද්දි ජිමින් එතනින් යන්න අරගෙන ඉවරයි

_____________________________

"හ්යුන් මේ බලන්-"

එයා අතින් ඇදල ඇදලා අවදානය ගන්න බලන්නෙ පොඩ්ඩක් හරි විශ්වාසයක් තියාගෙන

"ආ මොකද්ද කුක්"

"මේක-"

----"ජිමින්!"

"අයිශ් චූට්ටක් ඉන්න"

ආයෙමත් ජංකුක්ගෙන් ඈතට යනවා...

ජංකුක් ලන් වෙන්න වෙන්න.

ජිමින් ඈතට යනව...


_____________________________




එදා කාලෙකින් ජංකුක් ජිමින්ගෙ කාමරය ඉස්සරහ හිටගෙන ඉන්නෙ. එයාගෙ පපුව ගොඩක් රිදෙනවා

දොර ඇරිය ගමන් දකින්නෙ ජිමින්ගෙ නිදිමත මූණ.

"කූකී මොකද මේ රෑ"

ජංකුක් ඇතුලට එන්න දගල දගල ඉන්නෙ

"නින්ද යන්නෙ නෑ"

"ම්ම්...එන්නකො"


දෙන්නා ඇදේ ඇල වෙලා සැපපහසු වුනාට පස්සෙ ජිමින් අත දික් කරලා ලෑම්ප් එක ඕෆ් කරන්න යනවා

"හ්යුන්"

"ම්ම්..."

"ඔයා කාට හරි ආදරය කරනවද"

ජිමින්ගෙ ඇස් දෙක කෙලින්ම යන්නෙ මූණ ගාවට වෙනකන් බ්ලැන්කට් එක පෙරවගෙන ඉන්න කොල්ලා ගාවට

"ඇයි මේ හදිස්සියේ මෙහෙම ප්‍රශ්නයක්?"

"වෙන දේවල් අහන්නෙ නැතුව කියන්නකෝ..."

ජංකුක් දන්නෑ ඇයි ඊලගට ඇහෙන්න යන වචන වලට එයා බය කියලා

"මට තාම එහෙම කව්රුත් නෑ... එහෙම කෙල්ලෙක්ට මං ආස වෙනෝ නම් මට ඕනෙ හොද හිතක් තියෙන්න එච්චර-"

ජිමින් එහෙම කියාගෙන කියාගෙන දිගටම යද්දි ජංකුක් නැවතුනේ ඒ වාක්‍ය එක වචනෙක


කෙල්ලෙක්


ජිමින්ගෙ හිතේ කවදාවත් එයාට ඉඩක් නෑ


එයා මහ මෝඩයි එහෙම පොඩ්ඩක් හරි හිතුව නම්


ජිමින්ගෙ පැත්තට පිට හරවල ඉක්මන් ගුඩ් නයිට් එකක් කියලා නිදා ගන්නෙ දෑස් වල කදුලූ පිරිච්ච හීන, සිතුවිලි කැඩුන හදවතක් එක්ක











ජිමින්ගෙ ආදරේ නොලැබුනත් ජංකුක් ඒ හැගීම් එක්ක ඉන්නව කියලා තීරණය කලේ එච්චරයි එයාට ජිමින්ගෙ ඉතුරු වෙන නිසා

Unrequited🥀 [COMPLETED] ✔Where stories live. Discover now