#3 - JUNGKOOK

851 203 2
                                    

එදා ඩාන්ස් ප්රැක්ටිස් එක ටිකක් වෙලා ගියෙ ජංකුක් එහෙන් මෙහෙන් අදි මදි කරපු නිසා



එයාගෙ මූව්ස් වෙනද වගෙ ස්මූත් තිබ්බෙ නෑ, හැම තිස්සෙම එක්කො කකුල පෙරලෙනවා නැත්තම් මෙම්බර් කෙනෙක්ගෙ ඇගෙ වැදෙනවා. හෙන අමාරුවෙ ඒ ටික වෙලාව ගත වෙලා ගියෙ ජංකුක් ඇතුලු ඔක්කොටම අපායක් අරමින්



ඔව්, හ්යුන්ලා ටිකට ටිකක් තද වෙලා හිටියෙ ඒක නිසා. එයාල ඔක්කොම මහන්සියෙන් ඉන්නෙ ඒ හින්දා එයාට කිසි සමාවක් නෑ මේ වැරදි වලට,එයාට උදේ නැගිටින කොට දැනුනෙ ලොකු අසහනයක්, නිකන් අසනීපයි වගෙ.



හ්යුන්ලා ස්ට්‍රෙස් එකෙන් ඉන්නෙ කම්බැක් ලග නිසා, අද වෙනදට වඩා ටෙන්ශන් එකක් සෙට් එක වටෙ යන නිසා කියන,වෙන දේවල් දෙපාරක් තුන්පාරක් හිතල නෙමේ මාරු වෙන්නෙ



"ජංකුක්..."



ඒ ඇහුනෙ හූසොක් හ්යුන්ගෙ කට හඩ. පොඩි තරහක් ඒ කියපු වචන වල දැවටිලා තියෙනවා. එයාට අඩියක් වැරදිලා අඩිය කෙලින්ම තිබ්බෙ හූසොක්ගෙ කකුලෙ උඩින්. දැන් ඒක නිසා හ්යුන්ගෙ පිච්චෙන දෑස කෙලින්ම ජංකුක්ව හාරගෙන කනවා



'හ්යුන්ලා මහන්සියෙන් ඉන්නෙ'. නිතර නිතර පෑරෙන සිතට කිය කිය ජංකුක් තමන්වම සනසන්න හදන්නෙ එයාට මෙතන අඬලා දෙවනක් කරන්න ඕන නැති නිසා



ඒත් හ්යුන්ලා හොදට බැලුවොත්. එයාලට එයාලගෙ මාක්නෙගෙ ලොකු වෙනස තේරෙන්න ඕන, කොහොමද ජංකුක් හති දාන්නෙ කියලා... එයා තියන තියන අඩියක් හරි වේදනාකාරීව තියන්නේ කියලා

උදේ තිබ්බ ලහි ලහියට අපරාදෙ පේයින් කිලර් එකක් වත් බොන්න වෙලාවක් හම්බවුනෙ නෑ කොල්ලට

ඩාන්ස් කෝච්ගෙනුත් බැනුමක් දෙකක් අහල යන්තම් ප්රැක්ටිස් එක ඉවර වුනා. ඒත් හ්යුන්ලගෙ පුපුරන දෑසින් බේරෙන්න විදිහක් නැහැ

ඔහෙ එලියට ඇවිදගෙන යන ජංකුක්ට එක පාරට දැනෙන්නෙ උරහිසට ලොකු තල්ලුවක්, එයා වැදුන වැදේල්ලට ටිකක් විසි වෙනවා. එයා කෙලින්ම හොයන්නෙ කව්ද එහෙම කලේ කියලා

තම ඇස් දෙකට හම්බවෙන්නෙ වෙනදට අසනීප වුනාම ආදරෙන් එයාව බලාගන්න එයාව නින්ද ගියෙ නැත්තම් හිමීට කාමරේට රින්ගවා ගන්න පැය ගානක් උනත් ජංකුක් බලාගෙන ඉන්න කැමති ඒ දිලිසෙන ඇස් තියෙන.


එයා ආදරය කරන...


"ජිමින්-හ්යුන්?"


ජිමින් එතනින් මුකුත් නොවුන වගෙ ගිහින් වෑන් එකට නගින්නේ ආයෙ හැරිලවත් නොබල

ඒ වෙලාවේ අත මිටි මොලොවගෙන හිතට කියන්නෙ

'හ්යුන් මහන්සියෙන් ඉන්නෙ. එයා හිතල නෙමේ එහෙම කරෙ' කියලා

ඒත් ඇයි එයාගෙ පපුව රිදෙන්නෙ...




ජංකුක් කහිනවා

🥀

Unrequited🥀 [COMPLETED] ✔Where stories live. Discover now