ජිමින් එදා ජංකුක්ගෙ කාමරයෙ දොර ඇරගෙන ඇතුලට ආවෙ කොල්ලා තාම නැගිටලා නැති නිසාඑයාට පේන්න තියෙන්නේ ජංකුක්ගෙ පිට විතරයි
හොරෙන් ඇගිලි තුඩු වලින් ගිහින් කෙලින්ම ඇගට පනින්නෙ දෙපාරක් තුන්පාරක් නොසිතා
වෙනද වගෙ තල්ලු කීරීමක් හරි නැත්තම් තරහ ගිය පොඩි එකෙක් හරි දකින්න බලපොරොත්තු උන එයා හිතුවෙ නෑ නිදියන් හිටිය ජංකුක් එකපාරට ඉන්න තැන ඉදල කහින්න ගනී කියලා, එයා නිදාගෙන ඉන්න සුදු කොට්ටෙ ලාවට ලේ පැල්ලමක් හිටින්න
"ජංකුක්?!"
ජිමින් ඉක්මනට නැගිටිනවා කොල්ලගෙ ඇග උඩින්
"කුක් ඔයා හොදින් ද මේ මොකද?!"
ජිමින් අහන්නෙ හොදටම බය වෙලා.
එයා ටක්ගාල කාමරයෙන් එලියට දුවන්න හැදුවෙ කාට හරි හ්යුන් කෙනෙක්ට කියන්න ඒත් එයා යන්න කලින් ජංකුක් අතකින් අල්ලගෙන නවත්තනවා
"මේ පොඩි කැස්සක් විතරයි ලොකුවට නෑ හ්යුන්ලට වද දෙන්න එපා සොරි මං පරක්කු වුනාට"
ජංකුක් පොඩිම පොඩි හිනාවක් දීලා ඇදෙන් නැගිටින්න ගන්නවා. එයාලට අද බිසි දවසක් එයා නිසා නිකන් නාස්ති කරන්න කාලයක් නෑ
ජිමින් අත ගලව ගන්න බලල පස්සෙ උත්සාහය අත අරිනව ජංකුක්ගෙ මූනෙන් එපා කියලා හොදටම පේන නිසා
ඉතින් ඕක ජිමින් අතහැරලා දානවා
සාමාන්ය දෙයක් කියලා
![](https://img.wattpad.com/cover/274123462-288-k56944.jpg)
YOU ARE READING
Unrequited🥀 [COMPLETED] ✔
Fanfiction"What does Unrequited mean?" "It means nothing" "But the book says it's a disease" - Jikook Hanahaki disease AU - [Sinhala FF]