#6 - JUNGKOOK

705 190 3
                                    

ජංකුක් අන්තිමෙ මේක කියන්නෙ ටේහ්යන්ට



කියනවා කිව්වෙ රහසක් විදිහට



ඇත්තටම කිව්වොත් කියන්න නෙමේ හිටියෙ හැබැයි ජංකුක් දවසක් කැහැ කැහැ ඉද්දි ටේහ්යන් දොටවත් තට්ටු නොකර ඇතුලට ආවම මොනාද කරන්නෙ



ඉතින් ටේහ්යන් ටේහ්යන් නිසා ඕක කෙලින්ම ගිහින් කනෙ තිබ්බෙ ජින්ගෙ




ජින් හොදටම බය වෙලා ඩොක්ටර් කෙනෙක් ලගට යමු කිව්වට ජංකුක් කෙලින්ම බෑ කිව්වෙ මේක තාවකාලික දෙයක් කියලා...



සාමාන්‍යයයි



සමහර අයට ඉදල හිටල මල් පෙති එකක් දෙකක් එලියට වැටෙනවා. ඒක ඔක්කොම දන්නවා... ගොඩක් වෙලාවට සාමාන්‍යයයි

ඒත් ජංකුක් දන්නවා එයා හොදින් නෙමේ කියලා

ජංකුක් ගොඩක් සතුටු වෙන්නෙ ටේහ්යන් එයා එදා උදේ බාත්රූම් එකෙ කරපු විනාසය දැක්කෙ නැති එකට




කොහොමද ශවර් එක බිම ලේ විලක් එක්ක ලේ රතු පාට මල් පෙති වැටිල තිබ්බෙ කියලා




එයා හොදින් නමේ




ඒත් එයාට දැන් හේතුවක් පේන්නෙ නෑ තවත් ජීවත් වෙන්න












ජංකුක් ජීවත් වෙන අරමුණ අතහැරලා ඉවරයි.

Unrequited🥀 [COMPLETED] ✔Where stories live. Discover now