ඊලග උදේ ජිමින් ආයෙ ආවා. එයා හිතන්නෙ එයාගෙ තත්ත්වෙත් දැන් ජංකුක් වගෙම වෙන්න ඇති කියලා. මොකද එයා නිදිය ගත්තෙම නෑ ඊයෙ රෑමොනා නැතත් ජංකුක්ව බේරගන්න පුලුවන් විදියක් ජංකුක්ම කියලා ඉවරයි
ජිමින් දොර ඇරගෙන කාමරයට එද්දි ජංකුක් මුකුත් කියන්නෙ නෑ. අද ටිකක් වහින දවසක්, අහසෙ අලු කලු නිල් වගෙ පාට ගොඩකින් පිරිලා. ජංකුක් මුකුත් කියන්නෙ නෑ. මොකද එයාගෙ කටෙන් ලේ රතු පාට මල් පෙති එලියට එන නිසා
යාන්තම් හුස්මක් ගන්න හම්බෙන ජංකුක් කෙලින්ම බලන්නෙ ජිමින් දිහා. ජිමින්ට එතෝට දැන්නෙන්නෙ උල් පිහියක් කෙලින්ම තමන්ගෙ පපුවට ඇනගෙන ඇනගෙන යනවා වගෙ. ජංකුක් ඇයි එයා දිහා එච්චර ආදරෙන් බලන්නෙ
අරිම අමුතු අසහන විදිහට ජිමින් ඇද ගාව හිටගෙන ඉන්නෙ. එයාට දැනෙන්නෙ එයාගෙ හම ගුලි වෙලා තද වෙලා ඇටකටු එලියට එන්න හදනවා වගෙ. සරලව කිව්වොත් එයා බය, අසහනය වගෙ ගොඩක් හැගීම් වලින් පිරිලා ඉන්නෙ. ඒවා එලියට එන්න දගලනවා
ජිමින් කට අරිද්දි වචන දිය ඇල්ලක් වගෙ ගලාගෙන යනවා
"ඔයාට ඒක කරන්නම වෙනවා-- ඔයා ඒක කරන්න ඕනෙ. මේක ඉවර කරලා දාන්න ප්ලීස් ජංකුකූකී"
"මට ඕනෙ නෑ" ජංකුක්ගෙ ඇස් රතුය් කැහැලා වමනෙ කරපුවා නිසා. කට හඩ ගොරෝසුය් ලාවට කැඩිලා
"ඒක වැඩක් නෑ! ඔයා මැරෙයි! ඔයාට මැරෙන්නද ඕනෙ? මේ ලෙඩක් හින්දා?!" මන් හින්දා...
ජංකුක්ගෙ කටහඬ විහඟියකටත් වඩා හීනිය් මෙහෙම කියද්දි "මට ඔයාට ආදරේ නොකර ඉන්න බෑ. මං ඔයාට හැමදාම ආදරය කලා. මන් දන්නෑ ඒ ආදරය නැතුව ජීවත් වෙන්නෙ කොහොමද කියලා"
ඒක රිදෙනවා. නිකන් යකඩ උණුකරලා ටිකෙන් ටික වක්කරනව වගෙ.
"තව කොච්චර දේවල් මීට වඩා තියෙනවද?!" මට වඩා "අනිත් අය ගැන හිතන්නෙ නැද්ද?!"
"එක වෙලාවකට දැනෙන්නේ අනිත් කව්රුවත් කිසි දෙයක් වැඩක් නෑ වගෙ; ඔයත් එක්ක ඉද්ද ඔයා දිහා බලද්දි. මට පේන්නෙ ඔයාව විතරයි"
"ඔයාට බෑ-- ඔයාට බෑ මාව ඒ කෙනා කරගන්න . මට ඒ කෙනා වෙන්න බෑ"
"ඇයි ඔයාට බැරි මට ආදරය කරන්න"
ජංකුක් අඬනවා. ලොකු කදුලූ බින්දු එක එක මූන දිගට වැක්කෙරෙනවා. ජිමින්ටත් අඬන්න ඕනෙ. ඒත් අඬන්නෙ නෑ. ජිමින් අද ඇඩුවොත් එයා කෑලි සීයකට කැඩෙය්. එයාට අඩන්න පුලුවන් වෙන වෙලාවක. මේක එයා ගැන නෙමේ"ඒක එච්චර ලේසි නෑ" ජිමින් ජංකුක්ට ආදරෙයි. ඕව් එයා ගොඩක් ආදරෙයි. ඒත් ඒ විදිහට නෙමෙ
![](https://img.wattpad.com/cover/274123462-288-k56944.jpg)
YOU ARE READING
Unrequited🥀 [COMPLETED] ✔
Fanfikce"What does Unrequited mean?" "It means nothing" "But the book says it's a disease" - Jikook Hanahaki disease AU - [Sinhala FF]