💟prov
නිදාගන්න ඇදට ආවත් මට හරියට නින්ද ගියේ නැ..මට වෙලාවකට හිතෙනවා මොකට අපිට මොලයක් කියලා දෙයක් තියනවාද කියලා..මේක නැත්නම් මේ මුකුත්ම හිතන්න ඕනේ නෑනේ..ඒ එක්කම මට මතක් උනේ ආයේ අර ප්‍රොෆෙසර් මින්ව..මොන මරාලයක්ද මන්දා🥴🥴..ප්‍රොෆෙසර් නාම්ජුන් නම් හරිම හොද පාටයි..ඒත් එයාව හම්මුනේ යොන්ජුන්ටනේ..ඒ එක්කම ඔය වගේ විකාර හිතද්දී මට නින්ද ගිහින්..ඒත් මම හීනෙන් දැක්කේ.....
ඒක කැලෑවක්..හරියට අදුරු පරිසරයක්..ඒ එක්කම තිබ්බේ බංගලාවක්..ඒකට රෑ අහසේ පායලා තිබ්බ හද එලිය නිසා අමුතු ගුප්ත බවක් ලැබිලා තිබ්බා
..ඒ අවට ගස් වල වවුල්ලු පිරිලා හිටියේ ඒ තැන එයාලට අයිති තැනක් කියලා පෙන්නන්න වගේ..ඇත්තටම ඒ තැන ගොඩක් බය හිතුනා..මම වටපිට බලද්දී හිටියෙ මම විතරයි..ඒ ඒක්කම ආපු සීතල හුලගක් හමපු නිසා ඒ බංගලාවේ වැහිලා තිබ්බ දොර ඇරුනා..ඒක ඇතුලට යන්න මට උවමනාවක් තිබ්බේ නැති උනත් ඒක ඇතුලින් මගේ නම කතා කරනවා වගේ මට දැනුනා..ඒ නිසාම මම හිතේ තිබ්බ චකිතයත් එක්කම ඉස්සරට ගියා..ඒක ඇතුල හරි අමුතුයි..ඒක ඇතුලේ එක එක ප්‍රතිමා , චිත්‍ර ඒ තැනට අමුතු ලස්සනක් ගෙනත් තිබ්බා..ඒක ලොකු ශාලාවක් වගේ..ඒකේ කෙරෝලට වෙන්න කෙනෙක් මට පිටුපාලා හිටියා.එයා ඇදන් හිටියේ කලුපාට ලෝගුවක්..එකේ ලස්සනට සිල්වර් ඇන්ඩ් ගෝල්ඩ් කලර් එකෙන් වැඩ දාලා තිබ්බා..එයා අනිත් පැත්ත හැරෙනවත් එක්ක.....
🔊🔊🔊🔊🔊🔊
💟ශිට් මේ කරුම එලාම් එක..ඒ හිටියේ එකාගෙ මූන බලන්නවත් හම්මුනේ නැ..කීයද වෙලාව..අයියෝ පහමාරයි නේ..මොකද මෙච්චර කලින් එලාම් තිබ්බේ..
එහෙම හිතලා මම ආයේ නිදගන්න ආයේ අනිත් පැත්ත හැරුනා..ඒ එක්කම ආයේ ඉද්ද ගැහුවා වගේ නැගිට්ටේ..
YOU ARE READING
🍁𝑽𝒂𝒎𝒑𝒊𝒓𝒆 𝑷𝒓𝒐𝒇𝒇𝒆𝒔𝒆𝒓 ||𝑴𝒀𝑮|| [𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅]
FantasyThis is a BTS fanfiction.. Also this is a vampaire story..Enjoy this story.. -Min Yoongi Fan Fiction - Vampire Professor ©July 2021 @ Boboo_kitty