•••••••••••••••••••••••••••••••••••••••••••••••••දොරේ සීනුව එක දිගට නාදවෙන්නට විය. එක දිගට සවන් පුරා කන්දොස්කිරියාවක් ඇති කරමින් වූ නාදය වන්ග් යීබෝට හිසරදයක් විය. පෙර දින රාත්‍රියේ තෙහෙට්ටුවෙන් සෝෆාවේම නින්දට වැටුණු ඔහු සීනූවේ නාදය ඇසීම වැළක්වීමට කොට්ටයෙන් කන වසාගත්තේය.
කන ළඟින් පෙරහැරක් ගියද සාමාන්‍යයෙන් අවදි නොවන ඔහු ඉවසා සිටිය නොහැකි තැන දොස් නගමින්ම නැගී සිටියේය. දුරකතන අතට ගත් යීබෝ දුටුවේ තවම උදෑසන 6 වන්නටත් මිනිත්තු ගණනක්ම ඇති බවයි.
"කවුද දෙවියනේ මේ උදේ පාන්දරම දොරේ බෙල් එක උඩ වාඩිවෙලා ඉන්නේ. හයියෝ මට නිදාගන්නත් නෑ...😵"
අඩ නින්දේම දෙනෙත් බාගෙට පියාගෙනම දොර දෙසට ඇවිදගෙන ගිය යීබෝගේ කකුල අසළ වූ මල් පෝච්චියේ වැදුණි....
" ආව්ෂ්....... මගේ කකුල.... අයියෝ......අම්මේ.......😖"
යීබෝගේ යකා ඉස්මුදුනත් පලාගෙන නැංගේය.තනි කකුලෙන් පනිමින් දොරගුල විවර කළ යීබෝ දුටුවේ රෝස පැහැති මල් පොකුරක් අතේ දරාගෙන සිටින තරුණයෙකි.සිනා මුසු මුහුණින් යීබෝ දෙස බලා උන් තරුණයා මල් කළඹ යීබෝ වෙතට දිගු කළේය.
"Good morning Mr Yibo"
"Good morning "
කෝපය මදක්පහව ගිය යීබෝ මල්පොකුර දෝතින්ම ගෙන දොර වැසුවේ ඔහුට ස්තූති කරමිනි.එක්වරම යමක් මතක් වීදොරටුව විවර කළ යීබෝ තරුණයා ඇමතුවේය.ඒ වනවිටත් apartment එකෙන් තරමක් දුරට ගොස් සිටි තරුණයා කාරුණික සිනාවක් පා යීබෝ දෙසට පැමිණියේය.
"ඇයි Mr යීබෝ??"
"මට දැනගන්න පුළුවන් ද ඔයාලට මේ ඕඩර් එක කළේ කවුද කියලා"
යීබෝ විමසුවේ හදවතේ නලියමින්, ඔලුව කලතමින් තිබූ දැවෙන ප්‍රශ්නයයි.
"ඇත්තටම මං ඒ ගැන කියන්න දන්නෙ නෑ.ඕඩර් එකට පේ කලාට පස්සේඅපි අදාළ තැනට ඩිලිවර් කරනවා.ඕඩර් එක කරපු කෙනාගේ ඩීටේල්ස් කලෙක්ට් කරන්නෙ නෑ. එක්ට්‍රීම්ලි සොරි."
ඔහු බැගෑපත් ලෙස පැහැදිලි කළේ ය.හිස වැනූ යීබෝ යළිත් කාමරයට වැදුණේය.
YOU ARE READING
The shadow of love (YIZHAN Fanfiction ) Completed
Fanfictionනුඹම විය මගේ සෙනෙහසේ සෙවනැල්ල නුඹ නොමැති තැන කොහෙද මගෙ හිතේ සැනසිල්ල...❤💚