13 කොටස

799 195 70
                                    

The shadow of love

" මොකද්ද ඒ ක්‍රම දෙක??
පුදුමයෙන් මෙන් බලා චාන් බෙල්ලත් ඇද කරගෙන හුරතල් ලෙස යීබෝගෙන් ඇසුවේය...
**************************

යීබෝ චාන් දෙස බලාගෙන තවත් මූණට එබුණේය.

" ඒ ක්‍රම දෙකද.... ම්ම්ම්ම්.. එකක් ඔයාට පුළුවන් මට යීබෝ කියලා කතා කරන්න..සර් කියන්නේ නැතිව..එතකොට මං ඔයාව පරීස්ස්ස්ස්ස්ස්ස්ස්සමින් හෙමින් හා පැංචෙක් වගේ එක්කගෙන යන්නම්."

චාන්ගේ මූණ අඳුරු විය. කොයිතරම් ළඟින් දැනුනද යීබෝට නමින් ඇමතීමට ඔහුගේ දිව නැවෙන්නේම නැත. චාන් බෙල්ලත් ඇල කරගෙන යීබෝ දෙස බලා උන්නේය.

" දෙවෙනි ක්‍රමය මොකද්ද??

" දෙවෙනි ක්‍රමයද......"

යීබෝ පැණි හිනාවක් හෙළමින් චාන් දෙස බලා උන්නේය..

" ඔයාට පුළුවන් බයික් එකේ යනකොට මෙන්න මෙහෙම මාව හයියෙන් අල්ලගන්න..."

ඇස් දෙකද හීන් කරගෙන චාන්ට ළංවූ යිබෝ චාන්ගේ අත්දෙක සිය බඳ වටා ඔතාගත්තේය. යීබෝ උන්නේ චාන්ගේ පපුවේ හිස වදින්නට ඔන්න මෙන්නය.

චාන්ගේ මූණේ හිනාවක් ඇඳුණි...

" කපටියෙක්...."

සෙමෙන් මිමිණූ චාන් තරමක් වෙලා යීබෝ දෙස බලා උන්නේය. ඒ ඇස් දෙකෙන් ආදරය උතුරයි. බලාසිටියද එපා වෙන්නේ නැතැයි චාන්ට සිතුණි. ඔහු ළඟදී දැනෙන සෙනෙහස ආරක්ෂාව කෙතරම්දැයි ගණනය කළ නොහැකි බව චාන්ට දැනුනි.

බෝනික්කෙකු මෙන් තමා දෙස බලාගෙන ඇස්පිය හෙළන විට ඒඇස් පිහාටු සිප ගැනීමේ බොළඳ ආශාවක් චාන් තුළ උපන්නේය.ඔහුගේ අත ඒ මුහුණ කරායන්නට විය.

එහෙත් එක්වරම ඔහු පියවි සිහියට ආවේ යීබෝගේ හඬිනි.

" දැන් ඔයා කැමති මොන ක්‍රමේටද? ම්ම්ම්ම්??"

යීබෝ මුහුණෙන් ඇස් ඉවතට නොගෙනම ඇසුවේය.

" මං කැමතිද..... මං........ කැමතී....................මං කැමති දෙවෙනි ක්‍රමේට......"

එසේ පැවසූ චාන් අත් දෙකෙන් රතුවූ  මුහුණ වසා ගත්තේ ලැජ්ජාවෙනි. යීබෝ කියා අමතා බයික් එකේ සෙමෙන් යනවාට වඩා ලද අවස්ථාවෙන් ඔහුගේ පහස මොහොතක් හෝ විඳීමේ ආශාවක් චාන්ට උපන්නේය.

The shadow of love (YIZHAN Fanfiction ) CompletedWhere stories live. Discover now