30 කොටස

732 189 36
                                    

The shadow of love

ජින්, මියැන්ගේ දෑසින් දෑස් මුදා නොගෙනම කීවේ නොකී කතා දහසක් ඈට දෑසින් කියමිනි..එතෙක් වේලාවක් දුකෙන් බරව තිබූ දෑස් දීප්තියෙන් බබළන්නට විය. තවත් එතැන රැඳෙනු නොහැකිව ඈ එතැනින් දිව ගියේ ජින් සමහම චාන් හමුවීමට යාමට සූදානම් නම් වීමටය..

🍀🍀🍀
චාන්ට යීබෝගේ උණුසුමෙන් මිදීමට හිතක් දුන්නෙ නැත. සිහින් ලෙස හුස්ම ගනිමින් ගැඹුරු නින්දක සිටින යීබෝගේ උස් පහත්වන පපුව දෙස ඔහු බලාසිටියේ ලෝබකමෙනි. ඔහුට ඇහැරෙන්නට නොදීම පපුවෙන් හාදුවක් තැබූ චාන් නැගිට ගියේ වොෂ් එකක් ගැනීමටය.

වොෂ් එකක් දමාගෙන එන විටත් යීබෝ සිටියේ නින්දකය. ඔහුව අවදි නොකරම චාන් මුළුතැන්ගෙට ගියේ කිරි දෙකක් සාදාගැනීමටයි. ඊයේ පිළිස්සුනු අතෙන් සිහින් වේදනාවක්ද දැනෙන්නට විය. අතදෙසම බලාගෙන කල්පනා කරමින් සිටි චාන්ට ඇසුණේ දොරේ බෙල් එක් නාදවන බවයි.

" good morning චානා...උදේම ප්‍රෙෂ් එකේ ඉන්නවා නෙහ්..."

දොරටුව විවර කළ වහාම ඇතුලට පිවිසියේ ජින් හා මියැන්‍ ය. ඇයද ඇසෙන නොඇසෙන ගානට සුබපතා ජින්ගේ පිටුපසින් සෙමෙන් සෙමෙන් ඇතුළු වූයේ බිම බලාගත්වනමය.

" very good morning දෙන්නටම...."

චාන්ගේ හිත නැවතත් තිගැස්සෙද්දී ඔහු ජින්ගෙන් ඇසෙන් ඉඟි කර ඇසුවේ මේ සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමටය. ජින්ද කලබල නොවන් ලෙසට චාන්ට ඉඟි කලේ ඔහුගේ බය නැති කරමිනි.

" වාඩිවෙන්න ජිං...වාඩිවෙන්න මියැන්...."

චාන් වෙනසක් නොපෙන්නා කීවේ ඊයේ සිද්ධිය අමතක කරමිනි.

මියැන් හිස එසවූයේ හෙමිහිටය. හිස එසවූ ඇගේ නෙත ගැටුණු දසුනින් ඈ තරමක් බියට පත් වූවාය. චාන්ගේ විවර කමිසයෙන් පෙනුනු බෙල්ල හා දෑත් පුරා වූ රතු ලප දෙස ඈ එක එල්ලෙම බලා සිටියාය.

"චාන්...මේ අනේහ්...ඔයාට....."

ඈට තවත් යමක් පවසන්නට ඉඩ නොතබාම ජිං ඇගේ අත තද කර මිරිකුවේ නිහඬ වන්නට අණ කරමිනි. යීබෝ සිටින වගක් ඈ නොදැන සිටියත් ජිං එය අනුමාන කර තිබිණි.

The shadow of love (YIZHAN Fanfiction ) Completedحيث تعيش القصص. اكتشف الآن