The shadow of love
කන් පෙත්තේ සිට රතු වූ ඒ මුහුණ දුටු යීබෝට නොදැනුවත්ව ම කෙළ පිඩක් ගිලුණේය. යීබෝ සෙමෙන් චාන්ගේ කන්පෙත්ත ළඟට සිය දෙතොල ළං කලේය. චාන්ගේ දෑස් පියවිණි.
-------------------------------------------------
"මං කීවා නේද මට ලස්සන නමක් තියනවා කියලා... ම්ම්ම්ම්..."යීබෝ චාන්ව තුරුළු කරගෙනම කන්පෙත්තට දෙතොල තබා මිමිණුවේය.
චාන් තවත් රතුවිය. එක්වරම ඇස් ඇර බැලූ චාන්ට ලැජ්ජාවක් දැනුනි. යීබෝගෙන් මිදෙන්නට උත්සහ කළත් එය අසාර්ථක වූයේ මේ වන විටත් චාන් කායිකව දුර්වලවී සිටි නිසා මෙන්ම යීබෝ හයියෙන්ම ඔහු අල්ලාගෙන සිටි නිසාවෙනි.
චාන් මිදෙන්නට උත්සහ කරන සෑම විටෙකම යීබෝ සිය ග්‍රහණය තද කළේය. චාන්ගේ උත්සහයත්, ඔහු ලැජ්ජාවෙන් රතු වී සිටින බවත් දුටු විට යීබෝට සිනා නැගුනත් අමාරුවෙන් එය පාලනය කර ගත්තේය." මට යීබෝ කියන්න.. ඒකත් අමාරුයි වගේ නම්......... බෝ කියන්න.... ආ???"
"කෝ දැන් කියන්න බලන්න..... යී........බෝ........කෝ කියන්න"
යීබෝ බහ තෝරන පොඩි එකෙකුට මෙන් චාන්ට වචන හුරු කළේය.
යීබෝ තවමත් චාන් තුරුළු කරගෙනය.
"යිබෝ......."
චාන් තොල් උල් කරමින් මිමිණුවේය. යීබොගේ මුණේ සිහින් සිනාවක් නැගී ආවේය
"යීබෝ සර්"
චාන් යළිත් සුපුරුදු නමින්ම ඇමතුවේය.
" මුන්දැට මෙහෙම කීවට තේරෙන්නෙ නෑනේ.. නැද්ද හොඳ පොල්ලක්, දෙන්න ඔලුවට පාරක්..."
යීබෝ චාන් අතහැර කැරකෙමින් පොල්ලක් සොයන්නට විය. චාන් ලද අවසරයෙන් යීබෝ අත තිබූ සිය බෑගයද උදුරාගෙන යීබෝට දිව දිගුකර ඇද අල්ලා යීබෝගෙන් මිදී දිව්වේ ය.
आप पढ़ रहे हैं
The shadow of love (YIZHAN Fanfiction ) Completed
फैनफिक्शनනුඹම විය මගේ සෙනෙහසේ සෙවනැල්ල නුඹ නොමැති තැන කොහෙද මගෙ හිතේ සැනසිල්ල...❤💚