The shadow of love
Good morning sir"
ඇස් යළිත් පිසලූ යීබෝ පණිවිඩය පැමිනි අංකය නැවත වරක් බැලුවේ මේ මොන පුදුමයක්දැයි සිතමිනි...
☘️☘️☘️☘️☘️☘️" කවුද බොලේ මේ... මගේ ඇස් පෙනීම අඩුවෙලාද?? මගෙ හා පැංචා නේද?? අදද මගෙ මැසේජ් එක දැක්කේ....ම්හ්.....මෝඩයා..."
යීබෝ නිම්හිම් නැති සතුටින් ෆෝන් එක අතට ගෙන ඇඳේ ඉඳ ගත්තේය. පෙරහැරක් කන ළඟින් ගියද ඇහැරෙන්නෙ නැති යීබෝ එකම එක මැසේජ් එකකින් මුළු නින්දම නැති කරගත්තේය.
📩" good morning. සර්?? මම ඔයාගේ ගුරුවරයෙක්ද??? ආ????
යීබෝ හනික පණිවිඩයක් යවා දුරකතනය පපුව මත තබා ගත්තේය.--------------------------------------------
චාන් වොෂ් දමාගෙන කාමරයට පැමිණියේ කැම්පස් එකට යාමටයි. දුරකතන තිරය මත කෙටි පණිවිඩයක් විය.චාන් වහාම දුරකතනය අතට ගත්තේ අනුමානයක් සහිතවය.
🐰" මොකක්? මගෙ ගුරුවරයෙක්ද?? සර් කීව නිසා ද?? අපොයි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා.....දැන් මං මොකද කියන්නේ දෙවියනේ.......... "චාන් අත් දෙක ඉහළට දිගු කර කර කන්නලව් කළේ ය.
චාන්ගෙන් මැසේජ් එකක් එනතුරු යීබෝ උන්නේ ඇඟිලි ගනිමිනි.
📤" නෑ සර්" චාන් පිළිතුරක් යැව්වේය
🦁ආයෙත් සර්ලූ.... මේ මෝඩයා නම්.....
📩" මට ලස්සන නමක් තියනවා. දැනගන්න කැමතිද?? යීබෝ හනික පිලිතුරක් යැව්වේය.
🦁දෙයියනේ ... මොකක්වෙලාද මේ මට.. මං මේ රොමැන්ටික් වෙලාද..මට මාව පාලනය කරගන්න බෑ බනියෝ... මේ තරම් දවසක් පරිස්සම් කරගත්ත ප්‍රතිපත්තිත් දැන් නම් ඉවරයි වගේ....
🐰" නමක් තියනවා.... ඔව් ඉතින් හැමෝටම නමක් තියනවනේ... කැමතී තමයි .. ඒම කියලා කෝමද අප්පා මං ඒක කෙලින්ම අහන්නේ.. වෙන කෙනෙක්ගෙන් නම් නමක් අහන එක මට ගේමක් නෙවේ... ඒත් ඔයාගෙන්......ඔව් දෙවියනේ ඔව්... ඒත් මං එහෙම කියන්නේ කොහොමද?? අනේ මට තේරෙන්නෙ නෑ...."
📤" සර් කැමති නම් කියන්න." ඒ චාන් ය.
🐰සෙකන්ඩ් වෙන්නත් බෑනේ....ලොකුකම කියලා හිතයිද දන්නෑ .... හා කියන්නයි තිබුණේ.... අයියෝ මං වගේ මෝඩයෙක්......චාන් ඔලුවට ගසමින් කල්පනා කළේය.....
ESTÁS LEYENDO
The shadow of love (YIZHAN Fanfiction ) Completed
Fanficනුඹම විය මගේ සෙනෙහසේ සෙවනැල්ල නුඹ නොමැති තැන කොහෙද මගෙ හිතේ සැනසිල්ල...❤💚