The shadow of love
ඔෂින්ගේ පිඹුරු දෑතට හසුව තවමත් යීබෝගේ ශරීරයම වේදනා දෙන්නට විය. ඒ වේදනාව යීබෝට වඩා දැනුනේ චාන්ටය. යීබෝගෙන් කාරයේ යතුර ගත් චාන් යීබෝව සියුමැලි ලෙස වාහනයේ අසුන්ගන්වා රියදුරු අසුනට නැග්ගේ , වියරු මුහුණ එහෙම්මම තිබෙද්දීය.
💙💙💙
කිසිම කතාවක් බහක් නොමැතිව තනිවම,මොනවදෝ කෝපයෙන් මුමුණමින්, හිටිහැටියේ සුක්කානමට පහර දෙමින් කාරය පදවන චාන් දෙස යීබෝ බලාසිටියේ දෑසම පිනවන සුන්දර හැඟීමකිනි. කෙන්න්තිය, දුක, සතුට ඒ සියලුම හැඟීම්වලදී චාන්ගේ මුහුණෙන් කියැවෙන හැඟීම් තෝරන්නට යීබෝ පුරුදු වූයේ ඔහු හමුවූ අවධියේ සිටමය.
" බනී....."
නිහැඬියාව රජයද්දී යීබෝ හඬ අවදි කළේ යමක් කීමටය. චාන් හැරුණේ රත් පැහැ ගත් දෑස් කොනින් යීබෝ දෙස බලමිනි.
" බනී.... මේ අහන්න.. ඔහොම හදිසි කෝපෙන් වැඩ කරන්න එපා...ඒකට මොනවා හරි වුණා නම්....අද.......ම්ම්ම්ම්"
"ඇයි දුකද.....??😖😖😖
චාන් මෙතරම් වියරු වී සිටින දවසක් යීබෝ දැක තිබුණේම නැත. ඔෂින්ට පමණක් නොව ඒ වෙලෙහි ඔහුගේ මුහුණ දකින්නට යීබොටද බියක් ඇති විය. චාන්ගේ සිතේ තමන් කෙරේ ඇති ප්‍රේමයේ මහිමය ගැන තේරුම් ගැනීමට ඔහුට තවත් අටුවා ටීකා ටිප්පනි අවශ්‍ය නොවීය.
" හදිසි කෝප්පේ......හදිසි කෝප්පේ නෙවේ.. බෙලෙක් කෝප්පෙන් දෙන්නේ මට ඕකව අහු වුණා නම්.....මට දීගන්න බැරි වුණානේ හොඳට...කොහේද ඉතින් මැද්දට පැන්නනේ...ඔක්කොම සිංහ පාට් මට විතරයි...පූස් පැටියෙක් වගේ හිටියේ වෙව්ල වෙව්ල ඇස් පියාගෙන....."
චාන් යලිත් සුක්කානමට ගැසුවේ එහි හෝන් එකද වරක් නාද වෙද්දීය...
යීබෝට සිනහව නම් නවතා ගත නොහැකි විය. ඇනෙක්ස් එකට ආ චාන් යිබෝව වත්තම් කරගෙන ඇතුළට ගෙන ගියත් ඔහුට ඇත්තෙන්ම අපහසුවක් තිබුණේ නැත. එහෙත් චාන්ගේ තුරුලේ දැවටීමේ ලෝභ කමින් යීබෝද එය ප්‍රතික්ෂේප නොකළේය..
ඇතුළට පැමිණි විගස චාන් යීබෝව තදින් බදා ගත්තේ හුස්ම ගන්නට හෝ ඉඩක්, පරතරයක් නොතබමිනි..
YOU ARE READING
The shadow of love (YIZHAN Fanfiction ) Completed
Fanfictionනුඹම විය මගේ සෙනෙහසේ සෙවනැල්ල නුඹ නොමැති තැන කොහෙද මගෙ හිතේ සැනසිල්ල...❤💚