The shadow of love
චාන්ගෙන් පණිවිඩයක් නොමැති තැන යීබෝ තීරණයක් ගත්තේය.
" වෙන කරන්න දෙයක් නෑ..මං ගිහින් බලනවා ගෙදර"
හදිසියේ සිතට නැගුණු සිතිවිල්ල යීබෝ ඒ වේලාවේම ක්රියාත්මක කරමින් බයික් එකේ නැගී ගියේ චාන්ගේ නිවසට යාමටයි.🔊🔊🔊🔊🔊🔊🔊
"යුවෑන්...... යුවෑන්..... මොකද්ද කරන්නේ බෝලයෝ.... දැන් මෙච්චර වෙලා කෑ ගැහුවා පරක්කුයි කියලා... දැන් එයා අතුරුදන් වෙලා...යුවෑන්..... එනවද මං යන්නද..."
චාන් මිදුලට වී පළාතටම ඇහෙන තරමින් කෑ ගසන්නට විය.
" එනෝ එනෝ මේ එනෝ.."
යුවෑන් දුවගෙන ආවේ චාන් අමතක කර ආ ලිපි කිහිපයක්ද ඔසවාගෙනයි. යූබින්ටත්, රුහාන්ටත් උදේ වරුවේ ලෙක්චර්ස් නොවීම නිසා ඔවුන් කැම්පස් එකට පැමිණෙන තුරු චාන් හා යුවෑන් ඒ දෙසට පිය මැන්නේය.
උඩ පැන පැන පාර පුරා ගමන් කළ චාන් එක්වරම යුවෑන්වද ඇදගෙන පාරෙන් ඉවතට පැන්නේ අධික වේගයෙන් ආ බයික් එකකට ඉඩ දීම සඳහාය..
" ඊයේ යන්න තිබුණ ගමනක් අදද කොහේද යන්න මතක් වෙලා තියෙන්නේ.ඔය තරම් වේගෙන්.... තව ටිකෙන් මගෙ හුස්මත් හිර වෙනවා... අපරාදේ මූණ දැක්කේ නෑනේ....ඊළඟ දවසේ නම් හොඳ පනිෂ්මන්ට් එකක් දෙන්න තිබුණා නැත්නම්....
"එයාලා විතරද පාරේ යන්න ඕනි. ම්හ්... ගලක් ළඟ පාතක තිබ්බා නම් දෙන්න තිබුණා හොඳ ගල් පාරක්....."😏😏
චාන් රයිඩර්ට හැරි හැරී බනින්නට පටන් ගත්තේය.
ඉන්පසුව යුවෑන් දෙසට හැරුණු චාන් ඔහුටද බනින්නට පටන් ගත්තේය.
" යුවෑන්.......🙁🙁 මං හැමදාම කියනවා ඔය කන්දෙක සුද්ධ කරගෙන පාරේ ඇවිදින්න කියලා.කොයිවෙලේ බැලුවත් කන්දෙක වයරින් කරලා.. 😖😖
"පූස් පැටියෙක්ව වගේ කවුරුහරි උස්සන් ගිය දවසට තමයි තේරෙන්නෙ..ඔන්න මට එහෙම බෑ හොයන්න එන්න.. අරන් ගිය කෙනෙක්ට තියාගන්න කියලා සද්ද නැතිව ඉන්නවා. "
චාන් ඇගිල්ලද උරුක් කරමින් කට උල් කරමින් යුවෑන්ට බනින්න්ට විය. යුවෑන් පිරිසේ බාලයා වූ හෙයින් සැමගේම ආදරය, මෙන්ම ආරක්ෂාවද දිනාගෙන සිටියේය. සියලුම දෙනා යුවෑන්ගේ ආරක්ෂාව තම වගකීමක් බවට පත් කරගත්තේය.
YOU ARE READING
The shadow of love (YIZHAN Fanfiction ) Completed
Fanfictionනුඹම විය මගේ සෙනෙහසේ සෙවනැල්ල නුඹ නොමැති තැන කොහෙද මගෙ හිතේ සැනසිල්ල...❤💚