10 කොටස

875 206 63
                                    

The shadow of love

පිටතින් පෙනෙන පාර දෙස බලාගෙන හුන් චාන් සෙමෙන් සෙමෙන් සිය බීම එක අහවර කරන්නට විය. එහෙත් එක්වරම චාන්ට දැනුනේ තමන් මේසයත් පුටුවත් අතර සිරවී හුස්ම ගැනීමට පවා අපහසු බවකි.
-----------------------------------------------

චාන් ඉඳගෙන සිටි පුටුව මැදි කරගනිමින් චාන්ට දෙපැත්තෙන් පිටුපසින් මේසය මත අත්දෙකක් රැඳුණි. චාන් උන්නේ ඒ දෑතට මැදිව පුටුවත් මේසයත් අතර හිරවීගෙනය. උණුසුම් සුසුමක පහසක් බෙල්ලට දැනුනි. ඇත්තෙන්ම චාන් උන්නේ අතිශයින්ම බියට පත්වය. උදව්වක් ඉල්ලන්නවත් කෙනෙක් නැත.

වෙන ඕනිම දේකට මුහුණ දීමේ අරමුණින් චාන් යන්තම් බෙල්ල පිටුපසට හරවා බැලීය. සතරවරම් දෙවිවරුන් සිහිවූයේ ඉන් පසුවය. ඒ උන්නේ වෙනකෙකු නොව යීබෝය.

නැගිටින්නට බැරි තරම් චාන් පුටුව අතර හිරවී ඇත. එසේම යීබෝගේ ශක්තිමත් දෑතද ලිහිල් නොවීය. දැන් ඒ සුසුම් පහස චාන්ගේ වම් කම්මුලට දැනෙයි. යීබෝගේ දෙතොලත් චාන්ගේ කම්මුලත් අතර ඇත්තේ මිලිමීටර් ගණනක වෙනසකි.

චාන් රතු වූයේ ජම්බු ගෙඩියක් මෙනි. චාන් යීබෝගේ දෑස් දෙස බැලීමට උත්සහ දැරුවේය. යීබෝගේ දෑස් දෙස බැලීමට අවශ්‍ය වුවත් තවත් බෙල්ල හරවන්නට නොහැක. යීබෝගේ දෙතොළ චාන්ගේ දෙතොල ළඟටම පැමිණ ඇත.

චාන්ගේ හිසෙන් පටන් ගත් හිරියක් ඇඟ දිගේම යන්නට වූයේ විදුලි සැරයක් මෙනි. සීතල දහදිය බිංදුවක්ද බෙල්ල දිගේ ගලන්නට විය. ඔහු යළිත් වහාම හැරී මේසයට දෑස් ඔබා ගත්තේ සියොළඟ ම වෙව්ලද්දීය.

වටපිට බැලූ යීබෝ එක්වරම චාන්ගේ කම්මුලක්කට සීතල හාදුවක් තබා චාන්ගෙන් මිදී චාන් අසළම තිබූ පුටුව ඇදගෙන එහි ඉඳ ගත්තේය. එහෙත් ඒ දෑස් තාමත් චාන්ගේ වතෙන් මිදී නැත.

🦁🐰🦁🐰🦁🐰🦁🐰

කරන්නට ගිය කාර්‍යය සිතුවාටත් වඩා ඉක්මනින් අවසන් වීම නිසා යීබෝට සතියකින් යළි චීනයට පැමිනීමට හැකිවිය. ඔහුට ඒ සතිය කල්පයක් මෙන් විය. ඒ දිනයන් ගත කළේම චාන්ගේ ඡායාරූපය දෙස බලමින් හිත හදාගනිමිනි.

අංකය වෙනස් වීම නිසා චාන්ට තමන් සම්බන්ධ කරගැනීමට බැරිවීමද යීබෝගේ කනස්සල්ලට හේතු විය. චාන්ට ඇමතුමක් ගන්නට දෙතුන් වතාවක්ම උත්සහ කළත් එය සිදු නොවූයේ ව්‍යාපාරික කටයුතු සමග යීබෝට කාර්‍ය බහුල වන්නට වූ හෙයිනි

The shadow of love (YIZHAN Fanfiction ) CompletedDonde viven las historias. Descúbrelo ahora