The shadow of love
චාන් ඒ වනවිටත් යීලන්ගේ සිත උඩින්ම දිනා සිටියේ සැබැවින්ම මේ සොඳුරු තරුණයා මෙතරම් තද සිතක් හිමි යීබෝව සසල කොට වෙනස් කර තිබූ හෙයිනි. චාන්ගෙ සිතේ ආදරයද යීලන් හොඳින්ම වටහාගත්තේය.
🎂🎂🎂🎂🎂🎂🎂
යීබෝ නිවසට පැමිණෙන විටත් සියල්ල සූදානම් වී හමාරය. යීබෝගේ පියා නිවසේ නොසිටි නිසා චාන්ද උන්නේ සැහැල්ලුවෙනි. ඒ වනවිටත් චාන් යීබෝගේ කාමරයටද දෙතුන් වතාවක්ම ගොස් තිබුණේ සිතේ සැලැස්මක් ද ඇතිවය.
Happy birthday to you
Happy birthday to you
Happy birthday dear yibo
Happy birthday to you....යීබෝ නිවසට ඇතුළු වත්ම පිරිස සුබ පැතූහ. කේක් එක මත වූ ඉටිපහන් නිවා දැමූ යීබෝ දෑට්ග් බැඳ යමක් ප්‍රාර්ථනා කළේය.
" ඕක ඉතින් හිතින් හිතුවට වැඩක් නෑ. මම නම් දන්නවා විෂ් එක මොකද්ද කියලා"
චෙං කටකාරකමට කීවේය. දෑස් විවර කළ යීබෝ චාන් දෙසට පැණි හිනාවක් විසිරුවේ චෙංගේ කීම සැබෑවක් වග හඟවමිනි...
පිරිස මොහොතක් එක්ව කියවමින් විහිලු තහලු කරමින් සිටියේය. ඒ සෑම මොහොතක්ම පාහේ යීබෝගේත් චාන්ගේත් නෙත්සර එකිනෙකට ගැටෙන්නට විය. දෙදෙනාම ඇස්වලින් ඉඟිපාන අයුරු යීලන්ටත් අනෙක් අයටත් රහසක් නොවීය.
" කියන දෙයක් කටින් කීවා නම් නරකද?? අපිට ඔය ඉඟි බිඟි තේරෙන්නෙ නෑ නේද අයියා..."
යූබින් කියවන්නට ගත්තේ සියල්ලෝම සිනාගන්වමින්ය.
" මෝඩ බින්... ඔය හැකර කටට නම් බ්‍රේක් ඇත්තෙම නෑ නේද ? මීට පස්සේ කොහේ හරි එක්කන් යන්නේ කටට ලොක් එකක් දාලා"
" මේ අපි වගේ කට පියන් ඇස් ඇරන් ඉන්න ඕනි නේද චාන්"
යුවෑන් කියවමින් චාන්ගේ ඇඟට පනින්නට හැදුවත් යූබින් ඔහුව තමා දෙසට ඇදගත්තේය
" ඒයි පොඩි එකා.. මෙන්න මෙහෙට වෙලා ඉන්නවද, නැත්නම් මෙතන ගිනි බෝල කැරකෙනවා පෙනෙයි ත.........."
ඒ කට ඇරීම එතරම් සුබදායි නොවන බැව් දන්නා චාන් එක්වරම පැන බින්ගේ කට වැසුවේ ඒ කටින් වචන පනින්නට ගත්විට බ්‍රේක් දමා හෝ නවතාගත නොහැකි හෙයිනි.
YOU ARE READING
The shadow of love (YIZHAN Fanfiction ) Completed
Fanfictionනුඹම විය මගේ සෙනෙහසේ සෙවනැල්ල නුඹ නොමැති තැන කොහෙද මගෙ හිතේ සැනසිල්ල...❤💚