The shadow of love
චාන් වෙව්ලන දෙපාවලින් ඉදිරියට ගොස් ජියැන්ග් බදාගත්තේ සතුට, බය සියල්ල මුසු වූ හැඟිමකිනි.. තවමත් කිසිවෙකුත් කතා නොකරයි... චාන් හැමෝගෙම මුහුණු පරීක්ෂ කළේ මේ වෙනස තේරුම් ගත නොහැකිවය.
ඒත් සමගම නිවසට ඇතුළු වූ රුව........
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
" යීබෝ.....බෝ......ඔයා......."
චාන් ජියැන්ග් අතහැර යීබෝ දෙසට දුවගෙන ගොස් යීබෝව තුරුළු කරගත්තේ දැඩිවය. මේ චාන් කිසිවිටෙකත් සිතූවක් නොවේ..
අහම්බයක් වුවත් චාන් සිටියේ සතුටින් හිරිවැටීගෙනය. චාන්ට උන්හිටි තැනක් මතක තිබුණේ නැත. පෙනුනේ එකම මුහුණක්, සිනාවක් පමණකි.ඒ යීබෝය.. දෙදෙනාගේ හැටිය හොඳින්ම දන්නා බින් උගුර පෑදුවේ දෙදෙනාම මෙලොව සිහියට ගෙන ඒමටය..
" යීබෝව දැක්කා විතරයි මාවත් අමතක වුණා නේද....."
ජියැන්ග් චාන්ගේ පිටට එකක් ගැසුවේ සියල්ලන්ම හිනා ගස්වමින් චාන් ලැජ්ජාවෙන් රතු වෙද්දීය.
ඉදිරියට ආ මියුන්ෂී.... ජියැන්ගේ මව ජියැංග් තුරුළු කරගත්තේ සිහින් ඉකිබිඳුමක් සමගය. සියල්ලෝම අසුන් ගත්තේ මියුන්ෂී ගේ ආරාධනයෙනි.
" හරියටම අවුරුදු 4කට පස්සෙ......."
ජියැන්ග් මිමිණුවේය.
ජියැන්ග් තවමත් උන්නේ මවට තුරුළු වීගෙනය.ඈ ඔහුව සිපගත්තේ ලැබුණු මහාර්ඝ වස්තුවක් පරිස්සම් කරන්නියක සේය.
සියල්ලෝම මේ සංවේදී දර්ශනය දෙස මොහොතක් බලා සිටියෝය. යීබෝගේ දෑසින් නම් වැටෙන කඳුලු ගංගාවක් ලෙසින් ගලා ගියේ නවතා ගන්නට හෝ ඉඩක් නොදෙමිනි.
චාන් මෙන්ම මියුන්ෂී ඔපරේෂන් එක පිළිබඳ කුතුහලයෙන් සිටි නිසා යූබින් සියල්ල විස්තර කළේය. යීබෝ ජියැන්ග්ගේ තත්ත්වය පිළිබඳ යූබින්ගෙන් විමසද්දී ඔහුගේ කටින් ඔපරේෂන් එක පිළිබඳව විස්තර පිටවිය..
මෙතරම් තත්ත්වයක් තිබෙද්දීත් චාන් කිසිවක් තමාට නොකීම ගැන යීබෝට දුකක් සිතට පිවිසියත් ඒ සියලු යුතුකම් තමා අතින් විය යුතු යැයි සිතූ යීබෝ සියලු වියදම් දෙන බව රහසක් මෙන් රකින ලෙස යූබින්ගෙන් ඉල්ලා සිටියේය. චාන්ට නොදන්වාම නිවසට පැම්ණියේද ඒ සැලැස්මේ කොටසක් වශයෙනි.
YOU ARE READING
The shadow of love (YIZHAN Fanfiction ) Completed
Fanfictionනුඹම විය මගේ සෙනෙහසේ සෙවනැල්ල නුඹ නොමැති තැන කොහෙද මගෙ හිතේ සැනසිල්ල...❤💚