The shadow of love
"එයා ආයෙමත් කාර් එක ළගට ගිහින් ඇතුලේ උන්නු කෙනෙක්ට මොනවදෝ කීවා.. ඊට පස්සේ ඒ ඇතුලේ හිටපු කෙනා බැහැලා මං ළඟට ඇවිත් මගේ මූණ ඉස්සරහින් හිටගත්තා.."
🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐
(වසර 4ක් අතීතයට යළිත්)
🤵 " ඔයාද ශියාඕ චාන්....?"
කාරයෙන් බැස ආ පුද්ගලයා චාන්ගෙන් ඇසුවේ ඔහු දෙස ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් කිහිප වරක්ම බලමිනි..ඇත්තෙන්ම චාන් සිටියේ මදක් ගැහෙන හදිනි. ඒ රුව දුටු මොහොතේ පටන් කුමක්දෝ නපුරක සේයාවක් ඔහුගේ සිතේ ඇඳී ගියේය.
🐰" ඔ......ඔව්... ඔව්... ම.... මං තමයි ඒ..."
චාන් ගොත ගසමින්ම කීවේය.
.🤵" හොඳයි චාන්..අපිට පුළුවන් ද ඇතුළට ගිහින් කතා කරන්න."
අමුත්තා ඉල්ලා සිටියේය.
🐰" සොරි. මං ඔයා කවුද කියලා දන්නෙ නෑ......."
චාන් ඒ මුහුණ දෙසම බලාගෙන කීවේ ඇත්තටම බියෙනි.
🤵" මේ ඔයාගේ ගෙදරද?"
🐰" නෑ... මේ මං ඉන්න ඇනෙක්ස් එක.ඔයා කවුද?"
🤵" මං කවුද කියලා දැනගන්න පුළුවන්. ඇතුළට ගිහින් කතා කරමු."
තර්ක කිරීමෙන් පලක් නොවන බව තේරුම් ගත් චාන් දොර විවර කළේ අමුත්තාට ඇතුළට පැමිණෙන ලෙස ආරාධනා කරමිනි. ඇතුළට පිවිසි අමුත්තා හොඳින් කැරකෙමින් වට පිට බැලුවේ යමක් තහවුරු කර ගැනීමට මෙනි.
චාන් සිය සිතුවිලි සමග එක දිගට සටන් කරන්නට විය.එහෙත් මේ කවුදැයි අනුමාන කරන්නටවත් ඔහුට නොහැකි විය.
" හොඳයි ශියාඕ චාන් ... ඔයා කල්පනා කරනවා ඇති මං කවුද කියලා...මං ආවේ ඔයාට දැනුම් දීමක් කරලා යන්න බොහෝම කාරුණිකව....ඔයා වහාම මගේ පුතා එක්ක තියන සම්බන්ධය නවත්තන්න ඕනි..."
අමුත්තා චාන්ගේ මුහුණ දෙස බලාගෙන සිටියේය.
" යීබෝගේ පපා....."
" අහ්... ඒ කියන්නේ ඔයායි යීබෝයි අතරේ සම්බන්ධයක් තියනවා කියන කතාව ඇත්ත.. "
ESTÁS LEYENDO
The shadow of love (YIZHAN Fanfiction ) Completed
Fanficනුඹම විය මගේ සෙනෙහසේ සෙවනැල්ල නුඹ නොමැති තැන කොහෙද මගෙ හිතේ සැනසිල්ල...❤💚