The shadow of love
"good morning mr zhane....take a sit"
තරමක් ගැඹුරු , එහෙත් ආයාසකර හඬක් චාන්ගේ සවනට වැකුණේය. මේ හඬ හොඳින් හුරුපුරුදු වගක් ඔහුට දැනුනේය. එය සිහිපත් කරන්නට වෙර දරමින් චාන් අසුන් ගත්තේ ඒ හඬට හුරු රුව මවාගන්නට වෙර දරමිනි. කෙසේ වුවද මෙතෙක් සිතේ වූ බිය පහව යද්දි හුරුපුරුදු කමක් සිත පුරා පිරී ගියේ චාන් තව තවත් කුතුහලයෙන් දැවෙද්දීය.
🍁🍁🍁
එක්වරම හැරුණු CEO දෙස බලා සිටි චාන්ට පුටුවෙන් නැගිට්ටුණේය." යීබෝ......මො....මොකක්??? ඔයා??? මොකද්ද මේ වෙන්නෙ....?ම....මට මුකුත් හිතාගන්න බෑ..."
චාන්ගේ ඇස් තිබුණේ නළළේය. වැටෙන්නට ගියඔහු දෑතින්ම මේසය අල්ලා ගත්තේය.මේ ඔහු කිසිසේත්ම දක්නට අපේක්ෂා කළ දසුනක් නොවේ..
කලු කෝට් එක දමා සැරසී සිටින යීබෝ දෙස චාන් එක එල්ලේ බලා සිටියේ පුදුමය, සතුට සියල්ල හදවත තෙරපවමින් එහෙ මෙහෙ දෝලනය වෙද්දීය.
චාන් ඇස්දෙක පිස දම දමා යීබෝ දෙස බැලුවේය. තමාම කොනිත්තාගත්තේය. තවමත් මේ පුදුමය ඔහුට අදහාගත නොහැකි විය. චාන් තවමත් සිටගෙන ඇස් දෙකද ලොකු කරගෙන යීබෝ දෙස බලා සිටියේය
යීබෝ උන් තැනින් නැගිට චාන් අසළට ගොස් ඔහුගේ උරහිසින් අල්ලා ඔහු පුටුවේ ඉන්දවා ඔහු මේසය මතින් ඉඳගත්තේ චාන්ට වඩාත් ආසන්නවය.
තවමත් පුදුමය ඉහින් කනින් බේරෙන චාන් කටත් ඇරගෙනම යීබෝ දෙස බලා සිටියේ ය. යීබෝ චාන්ගේ කම්මුලක් රතුවෙන්නම මිරිකුවේ මේ හුරතලය බලා සිටින්නට නොහැකි තැනය.
" බ්..බ්... බෝ.....බෝ.බෝ....මේක ඇත්තක්ද? මේක හීනයක් නෙවේ නේද? ඇයි මට කීවෙ නැත්තේ?? "
BINABASA MO ANG
The shadow of love (YIZHAN Fanfiction ) Completed
Fanfictionනුඹම විය මගේ සෙනෙහසේ සෙවනැල්ල නුඹ නොමැති තැන කොහෙද මගෙ හිතේ සැනසිල්ල...❤💚