The shadow of love
මදක් තිගැස්සුනු යීබෝ දෑස් විසල් කරගෙන ශිරන්ගේ පපුවෙන් ඈත් වී ඔහු දෙස බලා සිටියේ එවර කඩාපාත් වන්නේ මොන මරාලයක්දැයි සිතමිනි.
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
" මං තීරණය කළා කම්පනි එකේ වැඩවලින් ටිකක් ඈත්වෙලා අයියා මලෝ දෙන්නට ඒක බාර දෙන්න. යීලන් සෑහෙන කාලෙක ඉඳලා වැඩ කරනවනේ.. ඔයාටත් දැන් CEO කෙනෙක් විදිහට වැඩ බාරගන්න කාලේ ඇවිත්..."
" පපා... මං තව කාලයක් junior කෙනෙක්විදිහට වැඩ කරන්නම්.. "
" නෑ දරුවෝ... ඔයා එහෙම වැඩ කළේ සුදුසුකම් නැතිව නෙවෙයිනේ.. ඉතින් ඔයලගේ දේවල් ඔයාලම භාර ගන්න. මොකද තාම අර චුටි දඟකාරයා කියලද හිතන් ඉන්නේ..ම්ම්ම්ම්"
යීබෝ මදක් කල්පනා කලේය. ඔහුට එක්වරම සිහි වූයේ චාන්ගේ අනාගත සිහිනයයි. එය කෙසේ හෝ ඉටු කර දීමේ ප්‍රබල ආශාවක් යීබෝ තුළ එදාම ඇතිවිය.
මේ ඒ හීනය හැබෑ කිරීමට දෙවියන් දුන් වරමක්දෝයි යීබෝට සිතුණි. පියා කෙරේ තිබූ කේන්තිය ද කෙමෙන් පහව යද්දී ඒ සෙනෙහසට එරෙහි වන්නට තරම් සිතක්ද යීබෝට නොවීය.ජිනායිගේ ප්‍රශ්නයද පියා සමග සාමකාමීව විසඳාගත යුතු යැයි යීබෝ සිතුවේය.
" හරි පපා...මං කැමතී..මොකද්ද එතකොට ඉල්ලීම....??
ශිරන්ගේ පපුවට තවත් තුරුළු වූ යීබෝ ඇසුවේය.
" මැණික.... මේ තරම් කාලයක් පපාගෙන් පලි ගත්තා ඇති නේද ? දැන්වත් ගෙදර ඇවිත් නතර වෙන්න.දැන් පපාට ඔයාලගේ ආදරේ ඕනිම වයස...මට සමාවෙන්න මැණික....ගෙදර එන්න..පිට ජීවත් වුණා ඇති නේද..."?
උණුසුම් කඳුලක් යීබෝගේ මුහුණට වැටුණි....
" මං එන්නම් පපා... මං හෙටම එන්නම්.......එතකොට ජිනායි....අනේ පපා..."
" මට සමාවෙන්න දරුවෝ... හැමදෙයක්ම හොඳින් විසඳෙයි.. මං පොරොන්දු වෙනවා මං ඔයාට දුන්නු කරදර මමම අයින් කරලා දෙන්නම් කියලා..."
ශිරන් යීබෝගේ හිස සිම්බේය.
🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁
චාන් නිවසින් පිට වූයේ shandong රෝහල වෙත යාමටය. ජියැන්ග් මේ වනවිට තරමක් සුව මට්ටමේ පසු වූ අතර ඔහුට කළ යුතු අවසන් ශල්‍යකර්මයෙන් පසුව හොඳ මට්ටමට පැමිණෙනු ඇතැයි වෛද්‍යවරු කියා සිටියේය.
YOU ARE READING
The shadow of love (YIZHAN Fanfiction ) Completed
Fanfictionනුඹම විය මගේ සෙනෙහසේ සෙවනැල්ල නුඹ නොමැති තැන කොහෙද මගෙ හිතේ සැනසිල්ල...❤💚