"ඒයි නිදි කුමාරි නැගිටිනවා, හතාමාරත් පහුවෙලා"
Soojin ගේ කටේ සද්දෙන් මං උඩ ගිහින් ඇහැරුනේ. නින්දෙන් එකපාරට ඇහැරිච්ච නිසා මං කොහෙද ඉන්නේ කියලා මටම හිතාගන්න බැරුව හිටියේ. හැබැයි Soojin ට බැන්නා නම් මතකයි.
"යා..තමුසෙට හෙමින් කතාකරන්න බැරිද? මේ බලනවා මගේ පපුව තාම ගැහෙනවා..අනික තමුන් මගේ ලස්සන හීනෙත් කෑවා"
"ලස්සන හීනෙ? මොනාද අප්පේ දැක්කේ?"
"මට දැන් මතක නෑ.. තමුසේ යකෙක් වගේ කෑගහලා ඒක විනාස කලානේ"
"දැන් ඔය හීනවලින් නැගිටිලා ඉක්මනට ලෑස්ති වෙනවා.. මතක නැද්ද අද අපිට විශේෂ වැඩකට යන්න තියෙනවා?"
Soojin එහෙම කියාගෙන කියාගෙන ගියාට මගේ ඔළුවෙ තිබ්බෙ නෑ මොකක් ගැනද මේ කියන්නේ කියලා..
"විශේෂ වැඩක්? මේ වෙලාවෙ නින්දට වඩා විශේෂ මොකද්ද?" කියලා මං නිදාගන්න ආයි පෙරලුනා..
"Treasure Hamkkae ddalyeo..
Ready for action let's go..
Jeombo meorojweo ssiro..
Treasure map~ ohhhweeeee~"Soojin එයාගේ කටහඬ තවත් උස් කරලා Treasure map එකේ සිංදුව මේ විදියට 3 පාරකට වඩා කිව්වා.. මොන යකෙක් වැහිලද මංදා උදේ පාන්දර.. මං කොට්ටෙන් ඔළුවත් තද කරගෙන ඉද්දී..
"යා.. අද දවස කවද්ද" කියලා එකපාට්ට Soojin ගෙන් ඇහුවෙ දෙයක් මතක් උනු නිසා..
"දැන්ද කුමාරිහාමි ට මතක් උනේ? අද ඇවිල්ලා ඔයා ඔයාගේ නිළමෙ ව හම්බවෙන දවස 😂"
Soojin එහෙම කිව්වම මගේ මතකෙට ආපු දේ තවත් තහවුරු වුනා..
Aishhh මේක මට කොහොමද අමතක උනේ.. අද අපිට T-map production manager, Special Episode එකකට YG entertainment එකට එන්න කිව්වා නේද.. අනේ මංදා මගේ විකාර මොළේනං..
මං මටම බැන බැන ඉක්මනට ලෑස්ති වෙලා Soojin කාලා ඉවර වෙනකං ඕනෙ කරන බඩු පැක් කලා..උදේ 9 විතර වෙද්දි අපි YG එකට ගියා. අපි එයාලගේ Trainees ල නිසා තමයි මේ special episode එකට ඉන්න හම්බුනේ..
"ඔයාලා උදේට කාලා එහෙම නේද ආවේ?" Production manager ඇවිල්ලා ඇහුවේ කවදාවත් පෙන්නලා නැති හිනාවකුත් දාලා..
"මෙයා නිකං අහන්නේ කාලා නැත්නං අරන් දෙන්න වගේනෙ..මෙයා වෙනදටත් මෙහෙමද බං?" Soojin මාත් එක්ක රහසින් කිව්වා..
YOU ARE READING
IDOL LOVER (Sinhala FF)
FanfictionThis is ff story about a seonbae idol and a junior idol.. What'll happen to Park Jinwoo & Haruto Seonbae?.. let's find out.. I'm about to write this story in my language for Sri Lankan Fans (especially Teumes)..later I'll translate in to English.. ...