💎•Chapter 11•💎

92 10 7
                                    






//__JINWOO'S POV__//

අපි ගොඩක් හොඳට අපේ debut එක කළා. අපි බලාපොරොත්තු වුනාටත් වඩා ගොඩක් අය අපිට කැමති වුනා. ඒක අපේ හිත්වලට ගොඩක් ලොකු සතුටක් වුනා. අනික මගේ members ල මාත් එක්ක ලොකු කාලයක් තිස්සේ වැඩ කරපු නිසා ඕනිම වෙලාවක අපි එකිනෙකා වෙනුවෙන් හිටියා. මගේ ජීවිතේ මේක තමයි සතුටුම කාලේ කියලා මට හිතුනේ මම ආදරේ කරන අය මටත් ආදරෙයි කියලා මට දැනුනු නිසා.  Feeling awesome ..( ˘ ³˘)..

මම එන්න එන්නම කාර්යබහුල වුණා. ඒක ඒ විදියටම Haru seonbae ටත් වුණා. ඒත් අපි එකිනෙකා ගැන අමතක කළේ නෑ. කොච්චර වැඩ තිබුනත් අපි රෑට කතාකරලා ඒවා බෙදාගත්තා. එයා ඇත්තටම හොඳ Boyfriend කෙනෙක්. 〜(꒪꒳꒪)〜..

ඔය විදියට අපේ group එක debut වෙලා මාස දෙකකට පස්සෙ අපේ ඊළඟ single album එක release කරන්න අපිට meeting එකක් තිබුණා. ඒ meeting එකෙන් පස්සේ Mingyu eonni අපිත් එක්ක වෙනදා වගේ කතා කළේ නෑ. එයා ලොකු අවුලකින් හිටියා වගේ. මං එයත් එක්ක කතාකරන්න හැදුවත් එයා ඇහුනේ නෑ වගේ ගියා.
සතියකට පස්සේ අලුත් song එකේ recording තිබුණා. අපි හැමෝම වෙලාවට ගිහින් හිටියත් Mingyu eonni ඇවිත් හිටියේ නෑ. ඒක හිංදා recording එක දවසක් කල් දාන්න කියලා අපි producer ට කියලා room එකෙන් එළියට එන කොට දැක්කේ Mingyu eonni එයාගේ බඩු අරගෙන යනවා. මම ගිහිං එයාගේ අතින් අල්ලලා එයාව නැවැත්තුවා. එයා මගේ අත ගසලා යන්න හදලා ආයි මගේ පැත්තට හැරුණා.

"තමුසේ මගේ ජීවිතේ විනාස කළා. මං මේක ලේසියෙන් අතාරින්නෑ. බලාගෙන ඉන්නවා තමුසෙටත් මේකම විඳින්න මං සලස්සනවා.. you crazy bi**h"

'ඇයි එයා ඒ වගේ දෙයක් කිව්වේ? මං මොනවද එයාට කළේ?'

මං ඒක ගිහිං අනිත් members ල එක්ක කිව්වත් එයාලටත් හිතාගන්න බැරි වුණා මම කොහොමද එයා අයින් වුන එකට හේතුව කියලා. අපි gossip sites වලට ගිහිං බැලුවත් ඒවගේ තිබුණේ එයා personal reasons නිසා අයින් වුණා කියලා. කොහොමහරි අපේ second single album එක release කරනකොට එයා අපෙන් අයින්වෙලා මාසයක් විතර වුණා.


//__END OF JINWOO'S POV__//


**04 MONTHS LATER**

//__HARUTO'S POV__//

Valentine's Day එකත් ළඟම එනවා. මේක මගෙයි Jinwoo ගෙයි පළවෙනි Valentine's day එක නිසා මට එයාව surprise කරන්න ඕනි වුණා. ඒත් ඒකට ගන්න තෑග්ගක් ගැන කිසිම අදහසක් මට තිබුණේ නෑ. මේ වගේ දේවල්වලට හොඳම Yedam Hyung කියලා මට නිකං හිතුනා. ඉතිං මම එයා එක්ක කතා කරන්න ගියා.

IDOL LOVER (Sinhala FF)Where stories live. Discover now