'දෙයියනේ!!! Haruto?????'
මාව ඉඳන් ඉන්න තැනින් නැගිටවුනේ නිකම්ම වගේ.."ඔයා මොනවද මෙහේ කරන්නේ???" මං ඇහුවා..
"ඔයාට දැනගන්න ලැබෙයි pajama girl.."
Haru එහෙම කියලා මාවත් ඇදගෙන දුවන්න පටන්ගත්තා.. මට කිසිදෙයක් හිතාගන්න බැරි වුණා. හැබැයි මේ වගේ දෙයක් drama එකක දැක්කා වගේ මතකයි. ඉතිං මගේ හිතයටින් පොඩි සතුටකුත් තිබුණා.. මොකද ඒ වගේ දෙයක් මං මුලින්ම කරන්නේ මගේ Haru ත් එක්ක නිසා.. ඒක මං ගොඩක් කල් ඉඳන් හිතන් හිටපු දෙයක්.. මගේ ජීවිතේ හැම දෙයක්ම Haru ත් එක්ක කරන්න මං ගොඩාක් ආසාවෙන් හිටියේ.. මෙහෙම එයත් එක්ක අත් අල්ලන් දුවන එකත් ඒ අතර තිබුණා. ඒත් එයා අපේ සම්බන්ධෙ නතර කළාට පස්සේ මං එහෙම කරන්න හිතපු දේවල් අමතක කළා. ඒක නිසා මගේ සතුට ආයි යට ගිහින් තරහ ආයි උඩට ආවා..
"Haru.. අපි මේ කොහෙද යන්නේ.. මගේ අත අතාරින්න.. මට යන්න ඕනෙ Jeongwoo ළඟට.."
මං එහෙම කියනවත් එක්කම එයා ටිකක් මිනිස්සු අඩු තැනකට ඇවිත් මගේ අත අතෑරියා.. එයා එයාගේ ඔළුවේ තිබුණ cap එක අතට අරන් ඒක නිසා අවුල් වෙච්ච එයාගේ කොණ්ඩෙ හදාගත්තා.. මාත් එයා එහෙම කරනකොට වශී වෙලා වගේ බලන් හිටියේ.. අම්මෝ.. එයාගේ ලස්සන අඩු වෙලා නං නෑ 😍 එයා මං දිහා බලද්දි මං තරහින් අහක බලාගත්තා. එයා ටික ටික මගේ ළඟට ආවා.. මං පිටිපස්සට ගියා.. අන්තිමට එතන තිබුණ තාප්පෙකටයි එයාටයි මං හිරවුණා..
"මොකක්ද ඔයා කියන්නේ? ඔයාට Jeongwoo ළඟට යන්න ඕනේ?? මං මෙච්චර කල් විඳෙව්වා ඔයා නැතුව.. දැන් ඔයා කියනවා ඔයාට Jeongwoo ළඟට යන්න ඕනේ කියලා.. ඇයි ඔයා මට මෙහෙම කරන්නේ Jinwoo-ya??"
"ඔයා හිතන්නේ මං ඔයා නැතුව සතුටින් හිටියා කියලද Haru? එදා ඔයා café එකේදි Mingyu ව kiss කරනවා දැකලා මට පිස්සු හැදුනා.. Jeongwoo එදා හිටියේ නැත්නම් මං අද මෙතන නෑ.. අනික ඔයා මේ අවුරුදු 05 ට මම විඳපු දුක ගැන මොනවද දන්නේ? ආ.. මං ඔයා ගැන දැක්ක නපුරු හීන නිසා මට හරියට නින්ද ගියේ නෑ.. ඔයා දැනගෙන හිටියද? ඔයා කෑවද බිව්වද කියලා දන්නේ නැති නිසා මං කාලා නැතුව stage එක උඩ කලන්තේ දාලා වැටිලා තියෙනවා.. ඔයා දැනගෙන හිටියද? මං ගෙවෙන හැම තප්පරේම ඔයා ගැනයි හිතුවෙ.. ඔයා ඒවා දැනගෙන හිටියද? නෑනේ? මොනවද ඔයා දන්නේ ආ.. මං එහෙම දුකෙන් ඉන්න වෙලාවට මගේ හිත වචනෙකින් හරි හැදුවේ Jeongwoo.. ඉතිං මං එයා ළඟට යන එක වැරදිද?? ආ.. ඔයාට Mingyu හොඳනං ඇයි මට Jeongwoo හොඳ වෙන්න බැරි?? මට කියනවා Haruuu"
YOU ARE READING
IDOL LOVER (Sinhala FF)
FanfictionThis is ff story about a seonbae idol and a junior idol.. What'll happen to Park Jinwoo & Haruto Seonbae?.. let's find out.. I'm about to write this story in my language for Sri Lankan Fans (especially Teumes)..later I'll translate in to English.. ...