අඳුරන කවුරුත් නැති හැමතැනම කළුවර තැනක්.. මට හිතෙන්නේ මං අතරමං වෙලා..
'කවුරුත් නැද්ද??? අනේ කවුරුවත් ම??"මං කෑගැහුවා.. ඒත් කවුරුවත් ම ආවේ නෑ.. මගේ සද්දෙත් පිටවෙන එක නතර වුණා. එකපාරටම වෘකයෝ රංචුවක්.. මං එයාලට කොටුවෙලා.. මට යන්න තැනක් හොයාගන්න බෑ කළුවර නිසා.
'අනේ මාව බේරගන්න කවුරුත් නැද්ද??'
බයට මාව බිම ඇදගෙන වැටුණා. එතකොටම ලස්සන කුමාරයෙක් වගේ කෙනෙක් ආවා.. එයා වෘකයන්ව මරලා මාව බේරගත්තා.. එයා මාව එළිය තියෙන තැනකට ගෙනාවා.. ඒ එළියේ කෙළවර ලොකු කන්දක්. මං වැටෙන්න ගියා. එයා ආයි මාව බේරගත්තා. අපි දෙන්නා kiss කළා. එකපාරටම එයා මාව තල්ලු කළා. මං වැටුනා.. නැගිටගන්න බැරි වුනා...මාස 3කට කළින් පේන්න පටන්ගත්ත ඒ විකාර හීනේ වෙනදා වගේම පෙනිලා අදත් ගැස්සිලා මාව ඇහැරුණා..
එදා Soojin එවපු Photo එක දැක්කට මට හැම දෙයක්ම මතක් වුනේ නෑ. හැබැයි මේ විදියට හැමදාම හීනයක් වගේ පේනවා.. මට දැන් ඕනෙ මේ ඔක්කොම අමතක කරලා Idol කෙනෙක් වෙන්න විතරයි.
'Jinwoo පියවි සිහියට එන්න.. Haruto කවදාවත් ඔයාගේ වෙන්නෑ.. එයාට දැන් ඒක අමතකත් ඇති.. 😒" මං මටම කියා ගත්තා.
*Few moments later
"Jinwoo-yaa, ඔයා ලෑස්තිද..එන්න අපි යමු.. අද අපේ Monthly Evaluation එකේ Results දෙනවා.. මතකනේ එදා PDnim කිව්වා මේ මාසේ Evaluation එකෙන් Show එකට Trainees ල තෝරන්නේ කියලා?"
"ඔව් ඔව් මතකයි!.. Soojinaaa.. අපිට Idols ල වෙන්න පුළුවන් වෙයි නේද?"
"ඔව්.. Survival show එකෙන් තේරුණොත් අනිවාර්යෙන්ම.."
At YG Entertainment:
Monthly Evaluation එකෙන් පළවෙනියා වුනේ Seo Bora.. දෙවෙනියා මම, තුන්වෙනියා Soojin.. Seo Bora ගේ නංගි Seo Eunwoo, 7 වෙනියා..
අපි අනිත් අයත් එක්ක කතාකර කර ඉන්න කොට අපේ Manager එතෙනට ආවා.
"කොහොමද ළමයි ඔයාලට.. මං හිතන්නේ ඔයාලා දැනටම දන්නවා අපි new girl group එකකට Survival show එකක් තියන්න යන්නේ කියලා. ඒකේ 1st round එකට මේ මාසේ (April) Evaluation එකෙන් තමයි අපි Trainees ල තෝරගත්තේ.. මං හිතන්නේ ඒකත් ඔයාලා දන්නවා. අපි Trainees ල 35 දෙනෙක් තේරුවා. පළවෙනි 35 දෙනා තමයි ඒ කියන්නේ.. එයාලා ඉඳලා අනිත් අයට යන්න පුළුවන්.."
YOU ARE READING
IDOL LOVER (Sinhala FF)
FanfictionThis is ff story about a seonbae idol and a junior idol.. What'll happen to Park Jinwoo & Haruto Seonbae?.. let's find out.. I'm about to write this story in my language for Sri Lankan Fans (especially Teumes)..later I'll translate in to English.. ...