**THE NEXT DAY**
//__HARUTO'S POV__//
මට ඊයේ මගේ Jinwoo, Jeongwooත් එක්ක date එකකට යනවා කිව්ව වෙලේ ඉඳන් හරියට කෑමක් වත් කන්න බැරි වුණා.. සමහරවිට මම දැන් විරහ වේදනාවෙ උච්චතම අවස්ථාවෙ ඉන්නවා ඇත්තේ. මගේ හිත කිව්වෙම මේක වෙන්න බැරි දෙයක් කියලා. මට ඇත්තටම ඕනෙ එයාගෙන් සමාව අරන් ආයි කලින් වගේම සතුටින් ඉන්න. මොකද Mingyu මාව එයාගේ ප්‍රසිද්ධියට පාවිච්චි කරලා මාව අතෑරලා දැන් අවුරුදු 04ක් වෙන නිසා.. පේන විදියට Jinwoo හිතන් ඉන්නේ මං එයාව රවට්ටලා Mingyu එක්ක හිටියා කියලා. මට මේ දේ එයාට කියන්න ඕනෙ.. හැබැයි කවදාවත් කියන්න බැරි වෙයි වගේ..
"Ruto!!!"
විරහවේ මනෝ ලෝකෙ මං ඉන්නකොට Jeongwoo ඇවිල්ලා හයියෙන් කෑගැහුව පාර මාව ගැස්සිලා ආයි පියවි සිහියට ආවේ..
"මොන රෙද්දක් ද ඕයි කෑගහන්නෙ.. අම්මෝ මට හුස්ම ගන්න බෑ වගේ"
මම එහෙම කියලා මං හිටපු තැනින් නැගිටලා ජනේලේ ළඟට ගියේ හොඳ හුස්මක් ගන්න.
"ඒ.. මොකෝ mood ගහලා? කාලෙකින් තමුසෙගේ ඔය කොස් බෑය වගේ මූණ දැක්කේ.. මොකෝ crush කිව්ව එකී අකමැතියි කිව්වද?"
Jeongwoo මගෙන් ඇහුවෙ එයාගේ පොල් දත් ටිකත් එළියට දාලා හිනාවෙලා.. මං එයාට මගේ crush එක කියලා කිව්වට අදහස් කළේ Jinwoo ව. මට Jeongwoo ට ඒ ගැන විස්තර කරන්න ඕනෙ නෑ කියලා හිතුනේ එයාත් මගෙන් ඈත් වුණොත් මට දරාගන්න බැරි වෙයි කියලා.
" හූම්.. " මං ඒ හිටපු විදිහටම Jeongwoo ට උත්තර දුන්නා..
"මේ ඒවායින් වැඩක් නෑ.. මට පොඩි උදව්වක් කරනවකො" Jeongwoo කිව්වා.
"මොකද්ද?"
"මං ලස්සනට ඉන්නෙ මේ suits වලින් කොයි එකටද බලනවකො.. "
"මොකටද?"
"වැඩකට.. පොඩි ගමනක් යන්න.. උදව් කරනවකො"
මේකට උදව් කළේ නැති වුනොත් මට කනක් ඇහිලා ඉන්න බැරි වෙන බව දන්න හින්දා මං උදව් කරන්න කැමති වුණා.
"හරි හරි.. ඇඳන් එනවා ගිහින්.."
YOU ARE READING
IDOL LOVER (Sinhala FF)
FanfictionThis is ff story about a seonbae idol and a junior idol.. What'll happen to Park Jinwoo & Haruto Seonbae?.. let's find out.. I'm about to write this story in my language for Sri Lankan Fans (especially Teumes)..later I'll translate in to English.. ...