..DAY 03 PRACTICING DAY..
//__JINWOO'S POV__//මගේ Period days වල දෙවෙනි දවස වුනත් එදාට පළවෙනි දවසේ දැනෙන රිදිල්ල තරම් රිදෙන්නෙ නෑ.. ඒක නිසා අද මට එච්චර අමාරුවක් තිබුනේ නෑ.. අනික ඊයේ මාව කලන්තේ දාලා වැටිච්ච වෙලේ මාව අරන් ගිහින් තියෙන්නේ Haruto කියලා දැනගත්තට පස්සේ මගේ හිතට අමුතු සතුටක් දැනුනා. ඒක මතක් වෙන වාරයක් වාරයක් ගානේ මට තනියම හිනාගියේ මටවත් නොදැනිමයි..
"ආ... අද නම් කෙල්ල හෙන සතුටින් වගේ.. පහුගිය කාලේ මුණ දෙක කරගෙන නෙ හිටියේ"
මම මනෝ ලෝකෙ අතරමං වෙලා ඉද්දී Bora eonni එතනට ඇවිල්ලා කියලා මං දැක්කෙ එයා මගේ පිටට තට්ටුවක් දැම්මම.. ඉතිං හිතන්නකෝ මගේ සිහිය ගැන..
"ආ... Eonni..ඔයා මොනාහරි කිව්වද?" මං ඇහුවා.
"මං මේ කිව්වෙ අද මූණට එළියක් එහෙම වැටිලා පහුගිය දවස්වලට වඩා.. මොකෝ කොල්ලෙක් වත් සෙට් වුනාද?"
එයා එහෙම කිව්වම ඕන එක්කෙනෙක්ට සැක හිතෙන විදියට මට හිනාවක් ගියා.. ඒත් ඒක හංගන්න ඕනෙ නිසා
"අනේ එහෙම මුකුත් නෑ..." කියලා මං කිව්වා.
"නැති වෙන්න බෑ.. මූණ දැක්කම කිවවැකි..ඔයා ඔයාගේ eonni ට ඒක ගැන කියන්නැද්ද Jinwoo-ya.. කියන්නකෝ..මං තරහ වෙනවා හැබැයි කිව්වෙ නැති වුනොත්.." Eonni කිව්වා.
"හරි හරි කියන්නම්.. මේකයි.. මට මගේ Crush එක හම්බුනා.. හරිම නපුරෙක්..දැනට එච්චරයි කියන්න පුළුවන් eonni.. මේ මට පරක්කු වෙනවා මං ඔයාට පස්සේ වැඩි විස්තර කියන්වම්කෝ.."
මං එහෙම කියලා ලැජ්ජාවෙන් එතනින් දුවගෙන ගියා.."
"Crush එක.. කවුද ඒ??? මට කියලා යන්නකෝ Jinwoo-yaa.. හරි මං ඔයාව පස්සේ අල්ලගෙන අහගන්නම්කෝ"
Bora eonni ඈත ඉඳන් කෑගැහුවා.එදා practice ඉවර වුනාම මමයි Jeongwoo seonbae යි මහන්සියට බිම වාඩි වුනේ ටිකක් කතාකරන්න එක්කමයි.. කවදාවත් නැතුව Haruto seonbae ත් එතනින් ඇවිල්ලා ඉඳගත්තා. එයා කළිංට වඩා දැන් වෙනස් කියලා මට හිතුනේ එයා මට අද මාත් එක්ක උදේ කතාකරපු නිසා.. මට දැන් හොඳයිද කියලා එයා මගෙන් ඇහුවා.. ඒත් මට ලැජ්ජ හිතුන හිංදා මං ඔව් කියලා ඉක්මනට එතනින් ආවා..
දැන් එයා අපි ඉන්න තැනට ආවම මං එයා එක්ක හිනාවුනා.. එයත් මාත් එක්ක හිනාවුනා.. මෙයාගේ personality එක දවසින් දවස වෙනස් නෙ.. හරි අමුතුයි.. ඊට පස්සේ මමයි Jeongwoo seonbae යි අපේ කතාව පටන්ගත්තා.. වෙනදට jeongwoo seonbae කතා කලත් අද මම කතාකළේ.. එයා ඉතිං මං දිහා බලාගෙන හිටියා..
YOU ARE READING
IDOL LOVER (Sinhala FF)
FanfictionThis is ff story about a seonbae idol and a junior idol.. What'll happen to Park Jinwoo & Haruto Seonbae?.. let's find out.. I'm about to write this story in my language for Sri Lankan Fans (especially Teumes)..later I'll translate in to English.. ...