💎•Chapter 03•💎

149 19 6
                                    



මට කාවවත් හම්බුනේ නැති නිසා මං පැත්තකට ගියා.. ටික වෙලාවකට පස්සේ Production manager ඇවිත් මට කතා කළා.

"ඉක්මනට එන්න අපි හොඳටම පරක්කුයි"

"ඒත් මැනේජර් මට partner කෙනෙක් නෑනේ"

"දැන් ඉන්නවා, කෝ බලන්න ඔයාගේ partner කවුද කියලා.. ආ ඒ Haruto.."

"ක-කවුරු කියලද කිව්වේ?😳"

"Haruto කියලා..ඔයාගේ partner එයා. කෝ ඉක්මනට යමු."

මොකක්??? Haruto යි මමයි Team එකක්- 😳
Ohh myy gawdddd 8-)!!!

මම Manager ගේ පිටිපස්සෙන් කට අතින් තදකරගෙනම ගියේ සතුට වැඩි කමට මම කෑගහයි කියලා.. ඇත්තවශයෙන්ම කිව්වොත් දවල් වෙච්ච දේ මට අමතක වෙලා තිබුනේ.

මම අනිත් Teumes ල ළඟට ගියාම Soojin හම්බුනා.. අපි දෙන්නා සතුටෙන් උඩ පැන්නේ මට තවත් ඒක හිරකරගෙන ඉන්න බැරි නිසා..

"ඒත් Soojinaa, මෙහෙ මොකද්ද වුනේ? මාවයි Haruto වයි Team එකක් වෙන්න තරම්?"
මම Soojin ගෙන් ඇහුවේ කුතුහලය නිසා.

"ආ..මේ අර ඉස්සෙල්ලා Haruto ගේ Team එකට දාපු ගෑණු ළමයා Sasaeng* කෙනෙක්ලු."

(*An obsessive fan who stalks or engages in other behaviour*)

"මොකක්?? ඉතින් එයා Haruto ට මොකක් හරි කරලද.. මේ ගෑණිව මරන්න වටින්නේ"

"ටිකක් ඉන්නවකො කියලා ඉවර වෙනකං, Haruto ට නෙමෙයි.. Junghwan ට, ඒ ගෑණු ළමයා Idol site එකට හොරෙන් ගිහින් Junghwan ගේ photos අරන්. ඊට පස්සේ ෆෝන් එකෙන් ඒක ගැන කාත් එක්කද කියවනවා Jihoon Oppa ට ඇහිලා.. එයා මේ දැන් තමයි ඒක Prove කරගෙන Manager ට කිව්වේ. ඒක හිංදා අර ළමයව මෙතනින් අයින් කළා. එයාට නඩු දායි සමහරවිට..පව් නේ?" Soojin එහෙම කියලා කතාව ඉවර කළා.

"පව්?? ඔය වගේ අයට ඔහොම්මමයි වෙන්න ඕනෙ, බැරි වෙලාවත් එයා Haruto ට මොනාහරි කළානං? "

"හරි හරි ඉතිං..මං පව් කියලා නිකං කිව්වේ, දැන් ඒක අමතක කරන්න"

"හාකෝ"

අපි දෙන්නගේ කතාව ඉවර වෙනවත් එක්කම එතනට Production manager ඇවිත් අපිට කතා කළා.

"ළමයි අපි තව විනාඩි පහකින් Games ගැන ඔයාලට කියනවා.. එතකං ගිහිං ඔයාලගේ Team Mate එක්ක කතා කරලා එයා එක්ක Friendly වෙන්න"

IDOL LOVER (Sinhala FF)Where stories live. Discover now