💎•Chapter 13•💎

101 7 10
                                    





//__JINWOO'S POV__//

.. ඉතිං මං දැන් ජීවත් වෙලා ඉන්න එකේ තේරුම මොකද්ද?

මට නිදාගන්න ඕනෙ.. එතකොට මේවා අමතක වෙයි.. එහෙම හිතලා මං නිදි පෙති බෝතලේ අතට ගත්තා...

**පැය කිහිපයකට පසු**

"මං මේ කොහෙද ඉන්නේ?"
මට කතා කරගන්නවත් බැරුව මම ඇහුවෙ මට මං දැන් ඉන්න තැන හිතාගන්න බැරි වුන නිසා. අන්තිමට පෙති බෝතලේ අතට ගන්නවා විතරයි මතක...

මට සිහිය ආපු ගමන් Doctor ඇවිත් මාව check කළා.

"Ms. Park ට මුකුත් අමාරුවක් නෑනේ? අමාරුවක් ආවොත් ඉක්මනට hospital එකට එන්න.. දැනට නං ඔයාට මෙහෙන් වෙන්න ඕනෙ ඔක්කොම අපි කළා.. ආයි එහෙම පමණට වඩා බෙහෙත් ගන්න එපා. ඔයාගේ වෙලාවට ඒ පිරිමි ළමයා ඔයාව එක්කන් ආවේ.."

"පිරිමි ළමයා? මොන පිරිමි ළමයද Doctor?"
මං ඇහුවෙ පිරිමි ළමයා කිව්වම මගේ යටි හිත මගේ Haru ව බලාපොරොත්තු වුන නිසා..

"ඔයාට දැන් එයාව හම්බවෙන්න පුළුවන් වෙයි.. අපි එයාට කියන්නම් ඔයාට සිහිය ආවා කියලා.. එයා ඔයාව මෙහෙට ගෙනාපු වෙලාවෙ ඉඳන් මෙතනමයි හිටියේ."

Doctor එහෙම කියලා එළියට යන එක්කම එයා ඇතුළට ආවා.. Cap එකක් දාලා Mask එකකුත් දාලා නිසා මට අඳුරගන්න බැරි වුනා..

"Soulmatue... ඔයාට දැන් කොහොමද?"

ඒ වචනෙ ඇහෙනවත් එක්කම මට හිතාගන්න පුළුවන් වුනා කවුද මාව එක්කන් ආවේ කියලා..

"මට දැන් හොඳයි Seonbae.. ඒත් seonbae කොහොමද මාව මෙහෙට එක්කන් ආවේ?"

"ඔයා මට ඔයාට අවුලක් නෑ කිව්වට මට තේරුණා ඔයාගේ තත්ත්වෙ.. ඉතිං මං ඔයාගේ පිටිපස්සෙන් ආවා.. ඔයා ඊයේ නිදාගන්න කළිං වෙනදා වගේ ඔයාගේ කාමරේ ජනේලෙ ඇරියේ නෑ.. ඉතිං මම ඇවිත් ඔයාට කතාකළා.. ඔයාගෙන් ප්‍රතිචාරයක් නෑ.. ඉතිං මම දොර කඩලා ඇතුළට එද්දී ඔයා බිම වැටිලා හිටියා.. ඔයා ඒ පෙති බෝතලේම බීලා.. මට හොඳටම බය හිතුනා.. මං ඔයාව එවෙලෙමයි එක්කන් ආවේ.."

" Thank you Seonbae.. ඒ වගේම Sorry seonbae.. මට එවෙලෙ කරන්න දෙයක් ඔළුවට ආවෙ නෑ.. මං නිදාගන්න විතරයි හැදුවේ.. මං ඔක්කොම ඒවා බීල ද??? ඔයා හිටියේ නැත්නම් දැන් මම මෙලහකටත්- "

IDOL LOVER (Sinhala FF)Where stories live. Discover now