ᴄʜᴀᴘᴛᴇʀ 𝟽

1.2K 300 74
                                    

අපි අතර ප්‍රශ්න ගොඩක් නොතිබුනත් තේරුම් ගන්න බැරි විදියේ පොඩි දුරස් බවක් පහුගිය දවස් ටිකේම තිබුනා කියලා මට දැනුනා.. ඒ අපි වෙනදටත් වඩ වැඩියෙන් බිසී වුන නිසාද එහෙම නැත්තම් අනිත් අය ඉස්සරහ අපිට අපේ හැගීම් හංගන්න සිද්ද වුන නිසාද කියලා මට තේරෙන්නේ නෑ.. ඒත් මේ දවස් කිහිපය අපි අතර තිබුනු ඒ දුරස් බව ආයිමත් නැති කරලා අපිව තවත් ලං කරා වගෙයි මට දැනුනේ..

ඇත්තටම දවස් ගානකට පස්සෙයි හ්යොන්ග්ගෙ ඒ පිරුනු සිනිදු තොල් වල පහස මම විදින්නේ.. ඒක පුදුමයි.. ඒ හුස්ම වල සුවඳ මට දැනෙන එක.. ඒ තොල් වලින් මගේ තොල් කිස් කරන එක.. ඒක ඇත්තටම පුදුමයි.. මම ඇත්තටම ඒකට ගොඩක් කෑමතී..

ඒ නිසාම හ්යොන්ග් මගේ තොල් ඒ තොල් අතරට අරන් කිස් කරනකොට මමත් ඒ තොල් හරි ආදරෙන් ආපස්සට කිස් කරා.. ටිකෙන් ටික ඒ කිස් එක ගැඹුරු වෙනවා කියලා වගේම හ්යොන්ග් එයාගේ අත් වලින් මාව තවත් එයාගේ උනුහුමට ලං කරගන්නවා කියලා මට දැනෙද්දිත්, මම ඒ තොල් අත් නොහැරම තව තවත් ඒ උනුහුමට ගුලි වුනා..
ටිකෙන් ටික හ්යොන්ග් මගේ තොල් කිස් කරන වේගය වැඩි කරනකොට මටත් නොදැනිමයි මගේ කටින් චූටි කෙදිරියකුත් පිට වුනා.. ඒත් එයා එක පාරටම ඒ උනුහුමට මත් වෙලා හිටිය මාව අතරමන් කරලා මගේ තොල් වලින් ඈත් වුනා.. මට මාවම පාලනය කරගන්න බැරි තරමටම මගේ හිත එයාවම ඉල්ලද්දි එයා ඒ කිස් එක නතර කරා...

" ඇයි නැවැත්තුවෙ... "

" අපි යමු ජන්ග්කුකී එලියට.. අපි දැං ගොඩක් වෙලා ඉදන් මෙතන... "

" බෑ.."

" ඇයි.. "

" මට තව ඕනි.. "

" හරි ඉතිං මගෙ ජන්කුකීගෙ තමයි ඔක්කොම.. එකක් නෙමෙයි ඕන තරම් දෙන්නම් හැබැයි දැං නෙමෙයි..."

"හ්ම්..."

හ්යොන්ග් මගෙ කම්මුලක් මිරිකලා මගේ ඇස් දිහා බලාගෙනම එහෙම කිව්වාම එයත් එක්ක එකඟ වුනු මම එයාගේ කරට අත දාගෙනම එලියට ආවා..

අපි එනකොටත් හොබී හ්යොන්ග් එලියේ සෙල්ලම් කරන ගමන් තමයි හිටියේ... ඉතිං මමත් සෙල්ලම් කරන්න කියලා හිතාගෙන බොක්සිං ග්ලවුස් දාගත්තත් ටේහ්‍යුන්ග් හ්යොන්ග්ගේ ඇස් තිබුනේ මගෙ ලග කියලා දකිද්දී මට දැනුනේ හරි අමුතු හැකීමක්..

𝐒𝐓𝐈𝐆𝐌𝐀 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤)Where stories live. Discover now