14 චැප්ටර් එක කියවලා එන්න..ඒ චැප්ටර් එක unpublish කරලා republish කරා..මේකෙ මුල ටික තියෙන්නේ ඒ චැප්ටර් එකේ..
________________________________________
" ටේහ්‍යුන්ග්, ඔයාට මාව විශ්වාසයි නේද?"
නම්ජූන් හ්යොන්ග් එකපාරම අහපු ප්‍රශ්නයක් නිසා මං ටිකක් කළබල උනා.. අපි දෙන්නට ඊළඟ දවසේ parasailing ride එකක් තිබුණා.. අනෙක් members ලා අපිත් එක්ක හිටියේ නෑ.. මේ වගේ මටයි නම්ජූන් හ්යොන්ග්ටයි තනියම කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නේ බොහොම කලාතුරකින්.. ඉතින් හ්යොන්ග් එකපාරම අර වගේ ප්‍රශ්නයක් අහද්දි මං පුදුම උනා..ල්
"ඔව් හ්යොන්ග්.."
මං කෙටියෙන්ම උත්තර දුන්නේ හ්යොන්ග් එහෙම දෙයක් ඇහුවේ ඇයි කියලා ඇති වුණු පුදුමයත් එක්කමයි..
" ඔයා මෙච්චර කාලයක් මට නොකියපු මොකක්හරි රහසක් තියනවද? එහෙම එකක් තියනවනම්, ඔයාට කැමතිනම් මට ඒ ගැන කියන්න.. ඔයා දන්නවනේ ටේහ්‍යුන්ග්ගී, ඔයා මට මගේම මල්ලි කෙනෙක් වගේ.."
මං හිතපු දේ හරි.. හ්යොන්ග්ට අපි එයාගෙන් දෙයක් හංගනවා කියලා තේරුම් ගිහින්.. ඒත් මං කොහොමද ඒ දේ හ්යොන්ග්ට කෙලින්ම කියන්නේ? ඒ දේ කවදාහරි මට හ්යොන්ග්ලට කියන්න වෙනවා.. ඒත් මේ ඒකට වෙලාව නෙවෙයි..
" නෑ..එහෙම මුකුත් නෑ.."
මං දන්නවා මං මෙහෙම කියද්දි හ්යොන්ග්ගේ හිත රිදෙයි.. ඇත්තටම හ්යොන්ග් මට මගේම සහෝදරයෙක් වගේ.. ජින් හ්යොන්ග් ජන්ග්කුකීව බලාගද්දි මගේ ගැන හොයලා බැලුවේ නම්ජූන් හ්යොන්ග්.. එයා අපිට තාත්තා කෙනෙක් වගේ කිව්වොත් හරියටම හරි..
මං කොහොමහරි හ්යොන්ග්ව මග හැරියා..
හවස ජිමිනි අපි හැමෝම ළඟට ඇවිල්ලා අපෙන් අද දවස ගැන ප්‍රශ්න කළා..
" ඉතින් ටේහ්‍යුන්ග්.. කොහොමද අද ඔයාගේ දවස ගත උනේ?"
" ජිමිනා-"
මට ජිමිනිගෙන් හංගන්න රහස් නෑ.. මං ඒ නිසාම නම්ජූන් හ්යොන්ග් මගෙන් අහපු ප්‍රශ්න ගැන ජිමිනිට කිව්වා..
" ටේ, ජූන් හ්යොන්ග් ඔයා ගැන ගොඩක් වද වෙනවා.. ඔයා දන්නවනේ එයා අපි හැමෝටම වඩා එයා ඔයා ගැන හොයලා බලනවා කියලා.. එයාගෙ හිත රිදෙන්න ඇති.."
YOU ARE READING
𝐒𝐓𝐈𝐆𝐌𝐀 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤)
Fanfiction"ආදරය කියන දෙයට සීමාවක්, මායිමක් තියනවද ?" "අපි ආදරේ කරන්නෙ කාටද කියන දේ අපිට තීරණය කරන්න අයිතියක් තියනවද ?" "අපේ ආදරය ලෝකය පිලිගනීද ?" ලෝකයෙන් වසන් වී තිරය පිටුපස සැඟවුනු ආදරයක්.... ~ Love is mutual ~ # උපුටා ගැනීම තහනම් #