අප්ඩේට් කරලා දවස් 4යි..චැප්ටර්ස් 3යි..1.15K views..OMG ! අපි හිතුවට වඩා මේක ගොඩක් ෆේමස්නේ... Thank you කියවන වෝට් කරන හැමෝටම 😊
***
"ඇයි ටේටේ යුන්ගි හ්යොන්ග් මට එහෙම කරන්නේ... එයා මට කැමති නැද්ද...."
"ඒ එයාගෙ හැටි වෙන්න ඇති ජිමින්.. යුන්ගි හ්යොන්ග් දවසට වචනය 10ක් විතර තමයි හැමෝම එක්ක කතාකරන්නේ.. ඒත් රන්ඩුවට හරි හැමවෙලේම එල්ලි එල්ලි එන්නෙ ඔයා එක්ක විතරයි ජිමිනි..."
"එයා බිව්වම රෑට දුක කියන්නෙත් මට.. ඒ වෙලාවට මං එයාගෙ හිත හැදෙන්න වචනයක් කිව්වත් ඒත් මට බනින්නෙ හැමදේම වුනේ මගෙ මෝඩ කම නිසා කියලා... හරියට මං එයාට වැරැද්දක් කරා වගේ..මට දුක හිතෙනවා..."
"යුන්ගි හ්යොන්ග් ඔයාට දුක කියන්නෙ එයාට ඔයාව තමයි විශ්වාසවන්තම කෙනා..."
"අනේමංදා ටේටේ.. එයා වෙලාවකට හොදයි... වෙලාවකට තමයි ඔහොම..."
"ටික දවසකින් ඔය හැමදේම හරියයි..."
"බලන්නකො ටේ.. යුන්ගි හ්යොන්ග් මං නිදාගෙන ඉන්න ෆොටෝ එකක් ට්වීට් කරලා.. ඒ මදිවට මං එයාගෙ කියලත් ආමි කෙනෙක්ට රිප්ලයි කරලා... එයා නම් හරිම විකාරයක්..."
"අපි එයාව තේරුම් ගන්න උත්සහ කරමු ජිමින්.. එයාගෙ පවුලෙ ප්‍රශ්න නිසා ඔය විදිහට එයා ටිකක් සැර කෙනෙක් වෙන්න ඇති.."
"හ්ම්..."
"ඒක නෙමෙයි චිමී... හෙට ඔයාලා යනවා නේද පාක් එකට.. මං ඉතිං ඉන්න ඕනිනෙ තනියම.. ඔයාලා එනකන්..."
"ඒ ගැන හිතන්න එපා ටේහයුන්ග්.. ඔයා තමයි අපේ සීක්‍රට් බුලට් එක.."
YOU ARE READING
𝐒𝐓𝐈𝐆𝐌𝐀 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤)
Fanfic"ආදරය කියන දෙයට සීමාවක්, මායිමක් තියනවද ?" "අපි ආදරේ කරන්නෙ කාටද කියන දේ අපිට තීරණය කරන්න අයිතියක් තියනවද ?" "අපේ ආදරය ලෝකය පිලිගනීද ?" ලෝකයෙන් වසන් වී තිරය පිටුපස සැඟවුනු ආදරයක්.... ~ Love is mutual ~ # උපුටා ගැනීම තහනම් #