" ජිමින් හ්යොන්ග්.. ඔයා මගෙයි ටේහ්යුන්ගි හ්යොන්ග්ගෙයි photos upload කරාද?"
Twitter tl එකේ උඩ පහළ යන ගමන් හිටපු ජන්ග්කුක් ජීමින් ළඟට දුවගෙන ගියේ ජිමිනි bon voyage එකේදි අපි දෙන්නගෙ ගත්ත photos වගයක් Twitter upload කරලා තියනවා දැකලා.
" ඔව්, ඇයි මොකක්ද ඒකේ ප්රශ්නේ?"
ජීමින් වැඩි ගාණකට නොගෙන ඇහුවා.
" මේක Staff එකේ අය දැක්කොත් අපිට බනියිද දන්නෑ.. එයාලා අපිට කියලා තියෙන්නේ අපි දෙන්නා එකට ඉන්න photos පුළුවන් තරම් අඩුවෙන් share කරන්න කියලනේ."
ජන්ග්කුක් හිටියේ ටිකක් බයෙන්.. මගේ ජන්ග්කුකී managernim ට වගේම staff එකේ අයටත් ගොඩක් බයයි.. එයාට පුංචිම දෙයක් උනත් දරාගන්න අමාරුයි..
"ඒ ඔය දෙන්නටනේ ජන්ග්කුක්.. මට එපා කියලා නෑනේ.. ඔයාලා දන්නවනේ මං තමයි ඔය දෙන්නගේ Number one supporter කියලා.."
ජීමින් ටිකක් ආඩම්බරෙන් කියද්දි මට හයියෙන් හිනාවක් ගියා..
" හරි හරි අපේ Number one supporter.. හෝබි හ්යොන්ග්නුත් නැති නිසා අපි දෙන්නට පොඩ්ඩක් රූම් එකේ ඉන්න දීලී යූන්ගි හ්යොන්ග් හොයාගෙන යනවද?"
" යාහ් ටේහ්යුන්ග්-ආහ්! මාව එළවගන්නද හදන්නේ?"
ජීමින් බොරුවට මවාගත්ත කේන්තියක් එක්ක කෑ ගහද්දි ජන්ග්කුකී ඒ දිහා බලාගෙන හරි හුරතල් විදිහට හිනා උනා..
ජීමින් අපි දෙන්නට බැන බැන රූම් එකෙන් එළියට ගියා..
" හ්යොන්ග්ගි, මං දෙයක් කියන්නද? හැබැයි මාත් එක්ක තරහාවෙන්න බෑ.. හරිද?"
ජන්ග්කුක් මං නිදාගෙන හිටපු ඇඳට ඇවිල්ලා මගේ පපුවේ ඔළුව තියාගන්න මගේ දිහා බලාගෙන ඇහුවා.. මං ජන්ග්කුකීගේ ඉණ වටේ අත යවලා එයාව තවත් මං ළඟට කිට්ටු කරගත්තා..
" ම්ම්.. මොකක්ද?"
" ඉස්සෙල්ලා කියන්න කේන්ති ගන්නෙත් නෑ මාත් එක්ක තරහා වෙන්නෙත් නෑ කියලා.."
" මං මගේ bunny එක්ක තරහා වෙන්නෙත් නෑ, කේන්ති ගන්නෙත් නෑ.. හරි දැන් කියන්න."
" හ්..හ්යොන්ග්ගි.. ඔයා බෝගම් හ්යොන්ග් එක්ක ගොඩක් කාලෙ ගත කරනවට මං කැමති නෑ.. මං ගොඩක් උත්සාහ කරා මාව පාලනය කරගන්න.. ඒත් හ්යොන්ග් එදා ජේජු ගිහින් බෝගම් හ්යොන්ග් එක්ක ඇවිදිනවා දැක්කම මට ගොඩක් ඉරිසියා හිතුනා.. මට හ්යොන්ග් එක්ක ඒ වගේ කවදාවත් ඇවිදින්න යන්න බෑනේ.."
YOU ARE READING
𝐒𝐓𝐈𝐆𝐌𝐀 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤)
Fanfiction"ආදරය කියන දෙයට සීමාවක්, මායිමක් තියනවද ?" "අපි ආදරේ කරන්නෙ කාටද කියන දේ අපිට තීරණය කරන්න අයිතියක් තියනවද ?" "අපේ ආදරය ලෝකය පිලිගනීද ?" ලෝකයෙන් වසන් වී තිරය පිටුපස සැඟවුනු ආදරයක්.... ~ Love is mutual ~ # උපුටා ගැනීම තහනම් #