ᴄʜᴀᴘᴛᴇʀ 𝟸𝟶

963 216 172
                                    

" හ්යොන්ගි.. මට දැන් අවුරුදු විස්සයි.. මං ලොකු මනුස්සයෙක්.."

අපි ඉස්සරහා කැමරාවක් තිබුණත් මට හ්යොන්ග්ව පොඩ්ඩක් අවුස්සන්න ඕනි උනා.. Korean Age එකෙන් අවුරුදු විස්සක් කියන්නේ මං වැඩිහිටියෙක්.. මට ගොඩක් දේවල් කරන්න මේ වයසෙදි නීත්‍යානුකූලව අවසර ලැබෙනවා.. හ්යොන්ග් මං මේ කියන්න යන දේ තේරුම හොඳටම දන්නවා.. හ්යොන්ග් මං දිහා බලාගෙන හිනා උන විදිහෙන්ම එයා මං කියන දේ ගැන හොඳටම දන්නවා කියලා මට තේරුණා.

හ්යොන්ග්නුයි මායි දුරස් වෙලා හිටපු කාලෙන් පස්සේ අපි තවත් ළං උනා කියලා මට දැනෙන්නේ..

නම්ජූන් හ්යොන්ග්ට අසනීප උන නිසා හ්යොන්ග් දවස් කිහිපයක නිවාඩුවක් ගත්තා.. හ්යොන්ග්ට අපිත් එක්ක Award ceremonies වලට performance වලට බැරි උනා..

හ්යොන්ග් මාත් එක්ක එක රූම් එකේ හිටිපු නිසා හ්යොන්ග් ගියාට පස්සේ මං රූම් එකේ තනි උනා.. ඉතින් මං රූම් එකට ටේහ්‍යුන්ග් හ්යොන්ග්ව ගෙන්න ගත්තා.. අපි දෙන්නා හිටියේ ගොඩක් නිදහසේ.. අපිට අපි කැමති විදිහට ඉන්න නිදහසක් ලැබුණා කියලා මට දැනුනේ..

***

අපි හැමෝටම New year එකට ලැබුණු නිවාඩුවට අපි ගෙවල් වලට ගියා.. හැබැයි මං මේ පාර ගියපාර වගේ හ්යොන්ග් එක්ක යන්න ඕනි කියලා කරදර කරේ නෑ.. මොකද මට දැන් හොඳටම තේරෙනවා ඔම්මයි අප්පයි මං එනකන් කොච්චර මග බලන් ඉන්නවද කියලා.. හ්යොන්ග් වෙනදා වගේම මාව ජීමින් හ්යොන්ග්ට බාර දුන්නේ ගිහින් එනකන් මාව හොඳට බලාගන්න කියලා ජීමින් හ්යොන්ග්ට තර්ජනය කරලා..

මං ගෙදර ගියත් හ්යොන්ගි නැති පාලුව මට ගොඩක් දැනුනා.. අපි දෙන්නා හැමදාම රෑට කෝල් අරන් පැය ගණන් කතා කර කර හිටියා.. හ්යොන්ග් එයාගේ ඔම්මයි අප්පායි එක්ක Movie date එකකට ගියා කියලා එයා මට කිව්වා.. එයා එයාලගේ photos twitter upload කරලා තියනවා මං දැක්කා..

Holiday එක ඉවරවෙලා අපි ආපහු Dorm එකට ආවා.. නම්ජූන් හ්යොන්ග්නුත් හොඳවෙලා ආපහු ඇවිත් තිබුණා..

ජනවාරි 9 වෙනිදා අපිට තවත් tour එකක් යන්න උනා.. Airport එකේ යද්දි හ්යොන්ග්ව මගේ ළඟින්ම තියාගන්න එක මගේ පුරුද්දක්.. ගොඩක් මිනිස්සු ඉන්න තැනක එයාගෙන් වෙන් වෙලා ඉන්න මගේ හිතට දැනුනේ බයක්.. මොකද ගොඩ දෙනෙක් ඉන්න තැනකදි අපිට කරදරයක් වෙන්න තියන ඉඩ වැඩියි.. මට දැනුනේ මං හ්යොන්ග්ව ආරක්ෂා කරන්න ඕනි කියලා..

𝐒𝐓𝐈𝐆𝐌𝐀 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤)Where stories live. Discover now