ජන්ග්කුක්ට මගේ හිතේ තිබුණු හැඟීම් ගැන කිව්වයින් පස්සේ හැම දෙයක්ම කලින්ට වඩා හොඳින් සිද්ද වෙනව වගේ හැඟීමක් මට දැනෙන්න ගත්තා.. මට තවදුරටත් එයා ඉස්සරහා මාව පාලනය කරගන්න ඕනි උනේ නෑ.. එයා හැමතැනකදිම මං වෙනුවෙන් ඉදිරිපත් උනා.. මට වඩා බාල උනාට මාව බලාගත්තේ මගේ හ්යොන්ග් වගේ.. මං මගේ කාලෙ සම්පූර්ණයෙන්ම වගේ ගත කලේ මගේ ජන්ග්කුකී එක්ක.. ඒ නිසාමද දන්නෑ මට මගේ අනෙක් හ්යොන්ග්ලා ගැන ලොකු අවධානයක් දෙන්න බැරි උනා.. විශේෂයෙන්ම මගේ soulmate ජිමිනා.. මොකද අපි දෙන්නා ගොඩක් එකට කාලෙ ගත කරන්න පුරුදු වෙලා හිටියේ.. අපි දෙන්නගෙ හැම රහසක්ම අපි බෙදාගත්තා.. ඒ නිසා මගේ මේ වෙනස්වීම එයාට ගොඩක් දැනෙන්න ඇති කියලා මට තේරුම් ගියේ පස්සේ..
ජිමිනා එයාගෙ පෙනුම ගැන ගොඩක් වද උනා.. එයා මගේ ඇස් දෙකට ගොඩක් කඩවසම්, මං විතරක් නෙවෙයි අපේ අනිත් members ලා වගේම ආමිලටත් ජිමිනි ගොඩක් කඩවසම්.. ජන්ග්කුකී ජිමිනට නිතරම විහිලු කළාට එයත් ජීමින් කඩවසම් කියලා හිතනව කියල මං දන්නවා. මොකද එයා ඒ ගැන මට කියල තිබුණා.. ඒත් අපි හැමකෙනෙක්ටම අපි ගැන පුංචිම හරි අඩුපාඩුවක් දැනෙනවා වගේ ජිමිනිටත් එයා ගැන එහෙම දෙයක් දැනිලා තිබුණා.. එයා ඒ නිසා අපිව දාලා යන්න තීරණය කරලා..
ජීමින් මේ ගැන මාත් එක්ක කතා කරේ නැත්තේ ඇයි? මං කලින් හිතුවා වගේ මගේ කාලේ සම්පූර්ණයෙන්ම ජන්ග්කුකී වෙනුවෙන් කැප කරපු නිසා මට එයාව මඟ හැරුනා වත්ද?
මේ වගේම දෙයක් හෝබි හ්යොන්ග්නුත් කලින් කරන්න හැදුවා.. අපි කොහොමහරි හෝබි හ්යොන්ග්වත් නතර කරගත්තා.. BTS කියන්නේ අපි හත් දෙනාටම.. අපි හත් දෙනාගෙන් එක් කෙනෙක් හරි නැති උනොත් අපි BTS වෙන්නේ නෑ.. අපි අතර තිබුණු බැඳීම වචනෙන් කියන්න බැරි තරම් ශක්තිමත් එකක්.. එදා හෝබි හ්යොන්ග් අපිව දාලා යන්න හදද්දි ජන්ග්කුක් මුළු රෑම හෝබි හ්යොන්ග් බදාගෙන අඬපු හැටි මට අද වගේ මතකයි..
ඉතින් ජිමිනා Band එක දාලා යනවා කියල අපිට කියපු වෙලාවෙදි මට කියාගන්න බැරි තරම් දුකක් දැනුනා.. මං එවෙලෙම ජිමිනගේ අතින් ඇදගෙන එළියට දිව්වේ එයත් එක්ක කතාකරන්න එයාගේ හිත හදන්න ඕනි කියල මට හිතුන නිසා..
YOU ARE READING
𝐒𝐓𝐈𝐆𝐌𝐀 (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤)
أدب الهواة"ආදරය කියන දෙයට සීමාවක්, මායිමක් තියනවද ?" "අපි ආදරේ කරන්නෙ කාටද කියන දේ අපිට තීරණය කරන්න අයිතියක් තියනවද ?" "අපේ ආදරය ලෝකය පිලිගනීද ?" ලෝකයෙන් වසන් වී තිරය පිටුපස සැඟවුනු ආදරයක්.... ~ Love is mutual ~ # උපුටා ගැනීම තහනම් #