Chapter 13 🌍🌟

1.7K 341 139
                                    

He Is Mine 🌍🌟
Chapter 13

Xiao Zhan's P.O.V

අම්මෝ යන්තං අත විතරයි කැඩිලා තියෙන්නෙ. මන් හිතුවෙම එයාගෙ ඔලුව එහෙම ගොඩක් damage වෙලා ඇති කියලා. මංනේ දන්නෙ මගෙ ඇගේ ලේ රත් වෙලා තිබ්බ තරම....උෆ්.......... අත නං ඉතිං මාස තුනකින් හොද වෙනවා. දැන් ඉතිං තව දවස් කීයක් බෝබෝට hospital ඉන්න වෙයිද දන්නෙ නෑ. මට ලග ඉන්නත් බෑ යුනි යන නිසා...නිවාඩු දාන්නත් බෑ.... අයිගෝ.......කමක් නෑ ඔන්න ඔහෙ බලමුකො.

ඉන්න හැටි විතරක් ඇස් පියාගෙන මුකුත් නොවුනා වගේ. ඇත්තමයි තුවාල වෙලා නොතිබුනා නං අනිනවා හොද හිල්වෙන්න ටොක්කක්. එක්කො බැරි වැඩ කරන්න යන්නෙ නැතුව ඉන්න ඕන.මෝඩ බෝ.... මාව බය කලා හුම්.....මන් හිතුවෙ බෝගෙ කෙස් අස්සෙන් මගෙ ඇගිලි යවන ගමන්. එයාට දීපු බෙහෙත් සැරට නින්ද ගිහින්. ඇහැරුනාම කොහොම react කරයිද දන්නෙ නෑ පඩියා. ඉන්නවකො නැගිට්ටම මන් ඔහේව චාටර් කරලාම දානවා. ඉක්මනට නැගිටිනවා ඒ නිසා මට ඔය ගිනිපිඹින ඇස් නැතුව පාලුයි හුම්........

මන් එයාගෙ ඔලුව අතගාන ගමන්ම ඒ ඇද උඩින්ම ඔලුව තියාගත්තා.මුලු කාමරේම නිශ්ෂබ්දයි.ඔරලෝසුවෙ කටුව ටික්....ටික්.. ගානවා විතරයි මට ඇහුනෙ. මට ඉතිං කොහේවත් නැති නිදිමතක් එකපාරය ලෝඩ් උනා. මන් අත බෝගෙ ඔලුවෙන් ගන්නෙ නැතුව ඇස් පියාගත්තෙ ඇස් ඇරන් ඉන්න බැරි තරමටම ඇහිපිහාටු බර උන නිසා.

අම්මෝහ් යකූ දැනෙන සනීපෙ...මොකා උනත් පට්ට සනීපයි ඈ...මගෙ ඔලුව නිකං මොකද්ද වෙලා යනවා ඒකට..ඈහ්... පොඩ්ඩක් ඉන්න.......මන් ඉන්නෙ hospital එකේ බෝගෙ bed එකට ඔලුව තියං.... එතකොට බෝ ?????? ආශ්.......මන් ඉක්මනට ඇස් ඇරලා ඔලුව ඉස්සුවෙ ඔලුවට spring එකක් හයි කරලා තිබ්බා වගේ. නැගිට්ටට මොකෝ මට නිකං බෝව පේන්නෙ දෙක වෙලා. එයාට ඔලු දෙකයි. මන් ටිකක් වෙලා යකෙක් ගහලා වගේ බෝ දිහා බලං හිටියෙ එයාට ඔලු දෙකක් ආවේ කොහෙන්ද කියලා හිත ගමන්.

" මොකද ඔහොම බලන්නෙ "

මට මෙච්චර වෙලා තිබ්බ තෝන්තු ගතිය බෝගෙ අයිස් වගෙ කටහඩට කොහෙන් ගියාද මන්දා.අනේ අම්මපා මේකා යකූ ..... මහලොකුවට ගියා අස්පයෝ අල්ලන්න. අන්තිමට මට එයාව අල්ලං එන්න උනා. ඒත් මේකාගෙ ගිනි පිබිල්ල නං තාම එහෙම්මයි.

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now