Chapter 25 🌍🌟

1.7K 332 96
                                    

He Is Mine 🌍🌟
Chapter 25

Xiao Zhan's P.O.V

හම්මෝ දැන් ගෙදර යන්න ඕන නේද ? මට බෑ බං....අනේ අයියෝහ්......මන් මොකක්ද ඒ කරපු ගොන්බූරු වැඩේ.....ආහ්.....ශිට්. ගිය පාර කට කෑවා මේ පාර මොනා කයිද දන්නෙ නෑ..හීඊ...................හපොයි නෑ........ මන් ඉක්මනට අත්දෙකෙන්ම තද කරලා මගෙ යටිකය වහගත්තා....සාදාරණ සැකයක් මට එනවා ඉතිං හුම්.....ඕන මගුලක් වෙන්නෙ නැතෑ.....ගිහින් බලමුකෝ....Fighting කොල්ලො. මන් ආයෙම මූණ හෝදගෙන washroom එකෙන් එලියට ගිහින් කෙලින්ම ගිහින් නැවතුනෙ වාහනේ. අන්තිමට ආයෙම මාසයක් යනකං පුප උඩ දාන් නිදාගත හැකි..... හම්මා දැනෙන සනීපෙ.......මන් ඒ නිසාම glasses ඇරලා එලියට බෙල්ල දාගත්තා.

China වගේ නෙවෙයි මෙහෙ එලියෙන් එන හුලග පවා ඇගට පුදුම තරං සනීපයි. දැන් හවස නිසා ඉර නං තනිකරම ගිනි බෝලයක් වගේ.මුලු අහසම දම් රතු තැඹිලි පාට එක්ක එකතු වෙලා හරියට නිකං අහස පුරාම තීන්ත ඉහිරිලා වගේ. මගෙ කොණ්ඩෙත් එහෙමෙහෙ නටනවා හුලගට. ටික ටික මන් හිටපු වාහනේ ගෙදරට ඇදෙද්දි මන් ඇහි පිල්ලමක් ගහන්නෙ නැතුවම වටපිටාව විදගත්තා.

" Sir, අපි ගෙදර "

මන් මේලෝකෙට ආවෙ driver කතා කරලා අපි ගෙදර ඉන්නෙ කිව්වම. ඇත්තටම මට එකදිගට සතියක් හරි මෙලෝ සිහියක් නැතුව පරිසරය දිහා බලං ඉන්න පුලුවන් කුරිරු හැකියාවක් තිබ්බා. මන් හිනාවෙලාම වාහනෙන් බැහැලා driver ටත් greet කරලා ගෙට ගොඩ උනා. හම්මට ඩෙන දැන්නේ බඩ බොකු කූල් වෙන්නෙ... හපෝ කෝ මේ තාච්චිය......වැඩ්ඩා වගේ ආවට මොකෝ දැන් නං ඇගටත් පණ නැති සයිස් එකක් තියෙන්නෙ. හිමීට ඔලුව දාලා බලන්න ඕන ඉන්නවද කියලා. මන් හිමින් හිමිම් වටපිට බල බල හොරෙක් වගේ මගෙ කාමරේට අඩියට දෙකට නැගගත්තා.

" හම්මෝ දැනෙම සනීපේ........ "

කාමරේට ආපු ගමන් මන් දොරත් වහලා ලොකු හුස්මක් අරං අතඇරියා. යන්තං ගිනිමකරාව හම්බුනේ නෑ. නැත්තන් මෙතන......නෑ නෑ ඒවා මතක් කරන්නවත් ඕන නෑ චාන්. නාලා ඇදට පැනලා නිදාගන්න. අංකල් ආවම කන්න පහලට බහිමු. මන් ඕවා හිත හිතම ඇදුම් ඔක්කොම ගලවලා bucket එකට දාලා washroom එකට රිංගගත්තා. හම්මෝ අද නං නානවා නෑමක් ආයෙ නෑ දියවෙන්නම...  කාලෙකට පස්සෙ නිදහසේ නාගන්න හම්බෙන්නේ.මන් tub එකට බැහැලා හොදට හරිබරි ගැහිලා ගැට්ටට ඔලුවත් තියං ඇස් පියාගත්තා.

𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now