He Is Mine 🌏🌟
Chapter 39Xiao Zhan's P.O.V
" කොහෙද බෝබෝ අපි යන්නෙ ? "
මන් ඇහුවෙ වාහනෙන් බැහැලා වටපිට බලන ගමන්.බලන බලන පැත්තට තිබුනෙ කැලෑව වෙද්දි ඒ මැද්දෙන් පාරක් තිබ්බා.නිකං නෙවෙයි හැබැයි දෙපැත්තෙම ලස්සනට lamps පත්තු කරලා තිබුනා.අම්මපා මේකා අර මන් කලින් හිතුවත් වගේ මරන්නවත් එක්කන් යනවද ? බයෙත් බෑ වගේ. මන් හිමීට උගුර පාදලා කෝට් කර හදාගද්දි මගෙ බෝබෝ ඇවිත් මගෙ අතකින් අල්ලගත්තා.
" අපි කොහෙද යන්නෙ කියන්නකෝ බෝබෝ "
" යමුකො බබා ඉතිං අපි. ගියාම බලන්න පුලුවන්නේ "
නහයෙන් අඬ අඬ ඉන්න මගෙ කොණ්ඩෙත් හදපු බෝබෝ මගෙ තොල් වලට චූටි සමනල් හාදුවක් තියලා මාව එක්කගෙන ඒ ලාම්පු පත්තු කරපු පාර දිගේ යන්න ගත්තා. ලාම්පු වලින් ආපු කහපාට එලිය ඇරෙන්න අනිත් ඔක්කොම කට්ට කලුවරයි. ඒ අස්සෙ සීතලත් එක්ක අප්පා. මේ මෝඩ බෝ බඩා මාව එක්කන් කොහේ යනවද මන්දා. අන්තිම මිටර 100 ක් විතර ගියාට පස්සෙ අපිට හම්බුනේ පඩිපෙලෙක්.ඒක දිගටත් පඩියෙන් පඩියට ලාම්පු තියලා තිබ්බා. හරියට නිකං අපිට පාර කියන්න වගේ. අනේ මන්දා අප්පා එකවෙලාවකට මට හිතෙනවා මන් මේ හීනයක් ඇතුලෙද ඉන්නෙ කියලා. නෑ ඉතිං මෙහෙම ඒවා තියෙන්නෙ කතා පොත් වල නේ ඉතිං.
YOU ARE READING
𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction𝗬𝗼𝘂𝗿 𝗟𝗢𝗩𝗘 𝗳𝗶𝗹𝗹𝘀 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧 𝘄𝗶𝘁𝗵 𝗮𝗯𝘂𝗻𝗱𝗮𝗻𝘁 𝗯𝗹𝗶𝘀 * 𝗪𝗮𝗻𝗴 𝗬𝗶𝗯𝗼 * 𝗧𝗮𝗸𝗲 𝗺𝘆 𝗵𝗮𝗻𝗱, 𝘁𝗮𝗸𝗲 𝗺𝘆 𝘄𝗵𝗼𝗹𝗲 𝗟𝗜𝗙𝗘 𝘁𝗼𝗼. 𝗙𝗼𝗿 𝗜 𝗰𝗮𝗻'𝘁 𝗵𝗲𝗹𝗽 𝗳𝗮𝗹𝗹𝗶𝗻𝗴 𝗶𝗻 𝗟𝗢𝗩𝗘 𝘄𝗶𝘁𝗵 𝗬𝗢𝗨 * 𝗫�...