He Is Mine 🌍🌟
Chapter 5Xiao Zhan's P.O.V
මන් කාලා ඉක්මනට කාමරේට පැන ගත්තෙ ඒ යක්ස බැල්මෙන් මන් බාගෙට පිච්චිලා හිටපු නිසා. මන් ගියපු ගමන් ඇදට පැනලා ලූනට message එකක් දැම්මෙ ආවත් හරි එයා එක්ක කතා කරන්නවත් බැරි උන නිසා. ඊටපස්සෙ මන් මමාට call එකක් ගත්තා.
" Hello mama "
" පුතු......කොහොමද පුතු, කෑවද "
" ඔව් මමා කෑවා. මමාලා කෑවද "
" ඔව් මැණික අපි කෑවා. "
" පපා කෝ මමා "
" අහ් ඔය ඉන්නෙ තියෝව අල්ලං කතා කර කර "
මට අමතක උනානේ. මන් මෙහෙට එන දවසෙම ටැකෝගෙ මල්ලි තියෝ china ගියා. එයා නැවතුනේ අපේ ගෙදර. මන් මමා එක්ක පැයක් විතරම කියෙව්වා. මට ඉබේම ඇස් පියවෙනවා වගේ දැනුන නිසා මන් ලූනා reply කරනකං ඉන්නෙත් නැතුවම නිදාගත්තෙ හෙට ඉදන් මගෙ ලස්සන මූණට සිද්දවෙන්න යන අපරාදෙ මතක් කරන ගමන්.
........................................................................
මන් උදේ පාන්දරම ඇහැරුනේ එලාම් එක කෑගහන සද්දෙට. Bedsheet එක ඇතුලා ඉදන් අත විතරක් එලියට දාලා phone එක හොයන් alarm එකත් off කරලා මන් ආයෙම ටිකක් ඇස් පියගත්තා. තාම 7යි අප්පා. අද නිවාඩු නිසා තව නිදාගන්න පුලුවන්. මන් එහෙම හිතලා ආයෙම නිදගත්තා.
Tring.......Tring..........
ආශ් මොන සෙද්දක්ද මන්දා අප්පා. නිදා ගන්න දෙන්නෙම නෑනේ. මන් call කරන එකාගෙ අම්මාමුත්තා මතක් කරන ගමන් ඒක answer කලේ නමවත් බලන්නෙ නැතුව.
" ඔබ ඇමතූ ග්‍රාහකයා මේ මොහොතේ නිදි බැවින් කරුණාකර පසුවද අමතන්න එපා "
මන් එහෙම කියලා phone එක කන ගාවින් ගන්න හම්බුනේ නෑ. එහා පැත්තෙන් ඇහුන කටහඩට කොහේදෝ තිබ්බ සූ බලකුත් ලෝඩ් උනා.
" තව විනාඩි 10කින් පහල හිටියෙ නැත්තං මන් ඇවිත් උස්සන් යනවා "
හම්මටසිරි තාච්චි face නේ. මේ යකාට මගෙ number එක කොහෙන්ද.අංකල් දෙන්න ඇති.. ආයිශ් දැන් වෙලාව....හුටා 9යි. මන් ඇදෙන් නැගිට්ටා නෙවේ පැන්නා. ඉක්මනට wash දාන් සුදු t shirt එකක් ඇදලා උඩින් කලු ජැකට් එකකුත් ඇද ගත්තෙ එලිය තාම සීතල නිසා. තව මාස 3කින් මෙහෙට හිම වැටෙනවා නත්තල් ලග නිසා. ඒ නිසාම climate එක මේ දවස් වල මට සීතලයි. අනික මෙහෙ ගස් කොලං වැඩි නිසා එන සීතල ඩබල් ට්‍රිබල් වෙලා එන්නෙ.
YOU ARE READING
𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfic𝗬𝗼𝘂𝗿 𝗟𝗢𝗩𝗘 𝗳𝗶𝗹𝗹𝘀 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧 𝘄𝗶𝘁𝗵 𝗮𝗯𝘂𝗻𝗱𝗮𝗻𝘁 𝗯𝗹𝗶𝘀 * 𝗪𝗮𝗻𝗴 𝗬𝗶𝗯𝗼 * 𝗧𝗮𝗸𝗲 𝗺𝘆 𝗵𝗮𝗻𝗱, 𝘁𝗮𝗸𝗲 𝗺𝘆 𝘄𝗵𝗼𝗹𝗲 𝗟𝗜𝗙𝗘 𝘁𝗼𝗼. 𝗙𝗼𝗿 𝗜 𝗰𝗮𝗻'𝘁 𝗵𝗲𝗹𝗽 𝗳𝗮𝗹𝗹𝗶𝗻𝗴 𝗶𝗻 𝗟𝗢𝗩𝗘 𝘄𝗶𝘁𝗵 𝗬𝗢𝗨 * 𝗫�...