He Is Mine 🌍🌟
Chapter 34Xiao Zhan's P.O.V
" බෝබෝ...........කෝ අනේ ඔයා......."
මන් washroom එකෙන් එලියට ඇවිත් දැන් පැය කාලකටත් වැඩියි. ඒ මේ තැලිච්ච තාච්චි මූණ පේන්නවත් හිටියෙ නෑ. මටත් ඉතිං ඒ හට්ටි මූණ දකින්නෙ නැතුව හිටියොත් නිකං කෑවෙ නෑ කෑවෙ නෑ වගේනේ. එලියටවත් ගිහින් ද? මන් ඉක්මනට දොර ලගට ගියේ එලියට බහින්න උනත් ඒත් එක්කම බෝබෝ දොර ඇරගෙන ඇතුලට ආවෙ අතේ මොකක්ද bag එකකුත් එල්ලගෙනමයි.....
" කොහෙද බෝබෝ ගියේ ? "
" මන් oder කරපු කෑම ටික අරං එන්න ගියා බබා. මෙතනට එන්න බැරි නිසා වාහනේ park කරපු තැනට ගිහින් ආවෙ "
" කියලා යන්න එපැයි අනේ ඉතිං "
"ඇයි බය උනාද දාලා යයි කියලා ම්ම්.....? "
" පිස්සුද ? මේ මං ? Puft.... "
ඇත්තම කතාව ඉතිම් මන් සූට්ටක් විතර බය උනා නං තමා. ඒත් එහෙමයි කියලා නෝන්ඩි වෙන්න ඕනෙ නෑනෙ. ඒ නිසාම මන් එයා අතේ තිබුන bag එකත් අරගෙන kitchen එකට ගියේ බෝබෝත් මගෙ පස්සෙන් එද්දි. ම්ම්.... සුවඳයි අප්පා......මොනාද දන්නෑ තීන්නේ..... බඩගිනිත් වැඩි වෙනවා සුවඳට. මන් එහෙම්ම අපි දෙන්නට plate දෙකක් හෝදලා අරගෙන බෝබෝටත් එකක් දීලා කෑම ටික එලියට ගත්තා. වාහ්........my favorite යකූ.......... Garlic bread with cheese......හම්මෝ..... කටට කෙල උනනවා.....
මන් ඉස්සර ඉදන්ම garlic bread cheese එක්ක කන්න පට්ට පෙරේතයි. කටෙන් කටට දැනෙන සුදුළූනු රහ වගේම කිරි රහ මාව කෙලින්ම වෙනම ලෝකෙකට අරං යනවා. කොහොම හරි ඔක්කොම slices 10ක් තිබුනා. මන් බෝබෝගෙ plate එකෙන් 4ක් තියලා box පිටින්ම මගෙ ලගට අරගත්තෙ බෝබෝ හිනා වෙවී මන් දිහා බලං ඉන්නකොට. අනේ අපි සැලෙයි ඕවට....එතනින් එහාට ඉතිං මට තමා ලොකුම රාජකාරිය තිබ්බෙ. ඉතුරු slice 6ම දෙයියනේ කියලා කිසිම කරදරයක් නැතුව මගෙ බඩට ගියා.
" බබා ? "
"ම්ම්..."
" බලන්නකෝ ඔයා ඔච්චර කාලත් slim එකට ඉන්නවා, ඒකට මම පොඩ්ඩක් කාලත් පිගී කෙනෙක් වගේ මහත් වෙලා "
බෝබෝ කටත් උල් කරං මට චුරු චුරු ගාද්දි ඇත්තටම මට හිනා ගියා. ඇත්ත හැබැයි. එය කන්නෙ හුඟක් අඩුවෙන්.ඒකට මම අහුවෙන අහුවෙන snack packet එක කටට ඔබා ගන්නවා. ඒත් මටත් හරියන්න මගෙ බෝබෝ තමා එන්න එන්න බෝලයක් වගේ වෙන්නෙ. දැනටමත් එයාගෙ කම්මුල් චීස් කුට්ටියක් වගේ පිම්බිලා....අනාව්.......අල්ලගෙන මිරිකලා දාන්න හිතෙනවා.
YOU ARE READING
𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fiksi Penggemar𝗬𝗼𝘂𝗿 𝗟𝗢𝗩𝗘 𝗳𝗶𝗹𝗹𝘀 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧 𝘄𝗶𝘁𝗵 𝗮𝗯𝘂𝗻𝗱𝗮𝗻𝘁 𝗯𝗹𝗶𝘀 * 𝗪𝗮𝗻𝗴 𝗬𝗶𝗯𝗼 * 𝗧𝗮𝗸𝗲 𝗺𝘆 𝗵𝗮𝗻𝗱, 𝘁𝗮𝗸𝗲 𝗺𝘆 𝘄𝗵𝗼𝗹𝗲 𝗟𝗜𝗙𝗘 𝘁𝗼𝗼. 𝗙𝗼𝗿 𝗜 𝗰𝗮𝗻'𝘁 𝗵𝗲𝗹𝗽 𝗳𝗮𝗹𝗹𝗶𝗻𝗴 𝗶𝗻 𝗟𝗢𝗩𝗘 𝘄𝗶𝘁𝗵 𝗬𝗢𝗨 * 𝗫�...