He Is Mine 🌍🌟
Chapter 29Xiao Zhan's P.O.V
මගෙ ඇස් කටට ගිහින් කට බුරිය ගාවටම ඇරුණා...දෙයියනේ දෙයියන්නෙ ඇයි මගෙ බෝයිපෙන් මෙච්චර සෙස්සි...ආහ්.....මට ඉබේටම කෙල ගුලියක්ම ගිලුනෙ කලු swimming kit එකකුත් ඇඳගෙන skiing board එකකුත් අතේ තියාගෙන එන බෝබෝව දැකලා.
අම්මෝ එයාගෙ ඇඟේ හැඩ.......ඇඳුම ඇගටම ඇලිලා නිසා ඒ ඇඟේ හැම line එකක්ම එකක් නෑර මගෙ ඇස් වලට පෙනුනා.... ආහ්......කකුල් කිරි පාටයි දෙයියනේ.....ඒ කලවා වල ලො......ආශ් චාන් මොනාද උබ මේ කෙල පෙර පෙර හිතන්නේ.... ශිට් I hate my dirty mind...ඒත් කමක් නැ අප්පා මන් එයාගෙ බෝයිපෙන් නේ. මන් තමයි ඉතින් ඕවගෙ අයිතිකාරයා...හුම්.....හැබැයි මෙච්චර වෙලා කෙල පෙර පෙර බෝ දිහා බලං හිටපු මගෙ මූණ දෙල් වෙලා යන්න තප්පරයක් ගිය නැත්තෙ එතන හිටපු කෙල්ලො ටිකක් මුකුළුව දදා බෝබෝ දිහා බලන්න ගද්දි...අම්මපා මට ඒ ඇස් ගෙඩි ටික උගුල්ලන්න හිතුනා. බලනවකෝ ඒ කකුල් අත පය වල හීනී...ඒ පතෝල කරල් වගේද මගෙ අතපය සෙද්ද.හහ්......හිතේ ඇති කොණ්ඩෙ අතින් කරකවලා මගෙ කොල්ලව අල්ලගන්න... මට කිව්වනං කරකවලා අතටම ගලවලා දෙනවානේ...ඇහැටුල්ලි....
" බබා ඔයත් එනවද මාත් එක්ක skiing වලට "
මෙච්චර වෙලා ඒ කෙල්ලො ටිකගෙ හම ගලෝ ගලෝ හිටපු මාව මේ ලෝකෙට ආවෙ මගෙ බෝබෝගෙ කටහඬින්. එයා මන් ලගටම ඇවිත් skiing වලට එනවද ඇහුවා. ඇත්තම කතාව මට පුලුවන් එකම ක්‍රීඩාව උනේ චෙස් විතරයි. මොකද ඒකට දාඩිය දාගෙන දගලන්න ඕන නෑනෙ. මන් කොලේජ් යන කාලෙ ඉදන් ඇඟ මහන්සි කරවන වගේම මගෙ මේ කිරිපාට skin එක out යන sports වලට පොඩ්ඩක්වත් ආස නෑ. කොහොමත් මේ ගිනි රස්නෙ වතුරට බැස්ස කියන්නෙ ඇඳුමට වැහිලා නැති තැන්වල හම ඔක්කොම අවපාට ගන්නවා...හැපූ බෑ බෑ....බෝ කෝමත් මට වඩා සුදුයි.එයා ඉතිං සුට්ටක් කලු උනා කියලා මොනා වෙනවද....ඒත් මන් එහෙම නෑනෙ...
" ඔයා යන්න බෝබෝ..මන් බලං ඉන්නං. අනික මන් cam එලත් ගෙනාවා නේ. "
" ම්ම් හරි එහෙනං..ඔහොම ඉන්න මට පේන මානෙ. "
බෝ එහෙම්ම පහත් වෙලා මගෙ කම්මුලකට සිපුමක් තිබ්බා....ඒ වෙලේ නං මගෙ කන් ඔක්කොම ගිනි ගන්නවා වගේ මට දැනුනෙ. මන් හිමීට අර කෙල්ලො දිහාට රබර් ඇහැ දාලා බැලුවා...හුහ්....හොදෑඩේ...නාකි රිලවියො රැලට. ඔය ඉන්නෙ මූණ ඔහෙක් කරං... අපරාදෙ මටත් බෝබෝගෙ බෙල්ලෙ එල්ලීගෙනම උම්මියක් දෙන්න තිබ්බේ...ඒත් ඒ වෙනකොටත් බෝ මුහුදු රැලි අතරෙ නොපෙනී ගිහින්.
YOU ARE READING
𝗛𝗲 𝗜𝘀 𝗠𝗶𝗻𝗲 | 𝗬𝗭 ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction𝗬𝗼𝘂𝗿 𝗟𝗢𝗩𝗘 𝗳𝗶𝗹𝗹𝘀 𝗺𝘆 𝗛𝗘𝗔𝗥𝗧 𝘄𝗶𝘁𝗵 𝗮𝗯𝘂𝗻𝗱𝗮𝗻𝘁 𝗯𝗹𝗶𝘀 * 𝗪𝗮𝗻𝗴 𝗬𝗶𝗯𝗼 * 𝗧𝗮𝗸𝗲 𝗺𝘆 𝗵𝗮𝗻𝗱, 𝘁𝗮𝗸𝗲 𝗺𝘆 𝘄𝗵𝗼𝗹𝗲 𝗟𝗜𝗙𝗘 𝘁𝗼𝗼. 𝗙𝗼𝗿 𝗜 𝗰𝗮𝗻'𝘁 𝗵𝗲𝗹𝗽 𝗳𝗮𝗹𝗹𝗶𝗻𝗴 𝗶𝗻 𝗟𝗢𝗩𝗘 𝘄𝗶𝘁𝗵 𝗬𝗢𝗨 * 𝗫�...