Chapter 2

1.6K 318 29
                                    

Yibo's POV

"හුඟ කාලෙකට පස්සේ."
Haoxuan කිව්වේ අපේ බෑග් කාර් එකට පටවන ගමන්.එතකොට වෙලාව පාන්දර හයයි.

"ශුආන් මම නම් ඇත්තටම ඉවසුමක් නැතුව ඉන්නේ."
මම හිනා උනේ උද්යෝගිමත් බව මගේ මූන පුරා ලියැවිලා තියෙද්දී.

🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃🍂🍃

Guide කෙනෙක් ඇවිත් අපිට කොලයක් දීලා ගියා.ඒකෙ තිබුණේ කැලෑවට ඇතුළු වුණාට පස්සේ කළ යුතු දේවල් සහ නොකල යුතු දේවල් ගැන. අපි දෙන්නා අවුරුදු ගාණක් තිස්සේ හයිකින් යන නිසා මායි ශුආනුයි දැනටමත් මේ දේවල් mastered කරලා තියෙන්නේ.මට නම් හැම වනාන්තරයක්ම එක වගේ.මම එන්ජෝයි කරන්නේ ගස් අතරින් නුහුරු නුපුරුදු පරිසරයක් මැදින් වනාන්තරය ගැඹුරටම ඇවිදන් යද්දි හිතට දැනෙන ප්‍රබෝධමත් ත්‍රාසජනක හැඟීම.

මගේ කැමරාවත් අතේ තියන් මායි ශුආනුයි අපේ වික්‍රමාන්විත ගමන ආරම්භ කරා.

"ඒ ඔයා දන්නවද?නොකල යුතු දේවල් කියලා තියෙන ලිස්ට් එකේ පළවෙනියටම තියෙන එක මගේ හිතට ඇල්ලුවා."

ශුආන් කිව්වේ එයාගේ අතේ තියෙන කොලේ කියවන ගමන්.මමත් කොලේ දිහා බැලුවේ එයා කියන්නේ මොකක් ගැනද කියල බලන්න.

"අයිෂ්.. ශුආන්...මං දන්නවා ඔයා කියන්න යන දේ.අපි ගගෙන් එහාට යන්නෙ නෑ.එච්චරයි.මට මෙහෙ ප්‍රශ්න ඇති කරන්න උවමනාවක් නෑ."
මම ශුආන්ට කෑ ගැහුවා.

"Come on gege... මේක හරිම exciting. අපේ අතේ map එක තියෙනවා.ඊට අමතරව ඔයාට කලාතුරකින් නේ මේ වගේ නිවාඩුවක් හම්බෙන්නෙ.අපි එක වතාවක් ට්‍රයි කරල බලමු."

ශුආන් නරක බලපෑමක් ඇති කරමින් මාව පොළඹවන්න උත්සහ කරා.මම එයාට react කරේ නෑ.
ඇත්තටම නීතියක් කඩ කරන්න උත්සහ කරොත් මොකක් වෙයිද? මේ වතාවට විතරක්?

අපි වනාන්තරය මැද්දට ඇවිදන් යද්දි තෙත වාතය මගේ සමේ බැඳෙනවා මට දැනුනා. ලග පාතින් වතුර ගලන් යන සද්දෙ ඇහෙද්දි මට තේරුණා ශුආන් තරණය කරමු කියලා කිව්ව ගඟ තියෙන්නෙ ලඟ හරියක කියලා.

අපි වතුර පාර ලඟට ඇවිත් නැවතුනා.තහනම් ප්‍රදේශයෙන් අපව වෙන් කරන නොගැඹුරු ජල පහර දිහා බලලා මම සුසුමක් හෙලුවා.ශුආන් මං දිහා බැලුවේ ලොකු හිනාවක් මුණ තියාගෙන.එයා නම් ඒකට කැමතියි.එයා adventure දේවල් වලට කොහොමත් කැමති කෙනෙක්.

My Heart Beats on your Name [YiZhan ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now