Chapter 5

1.4K 324 52
                                    

"Sean...Sean Xiao Zhan.."
.
.
.
Yibo's POV

මගේ මුව ගොලු උනා.මට දැනුනේ මම ඔහුගේ නම අහන්න සදාකාලිකව බලන් හිටියා වගේ හැගීමක්.ඔහු ඔහුගේ නම කිව්ව ගමන් මට ඇත්තටම තේරුනා ඔහු නිසා මට ඇත්තටම වචන අමතක වෙනවා කියලා.සමහරවිට ඒ මට තවමත් ඔහුගේ අසාමාන්‍ය සුන්දරත්වය කොච්චරද කියලා විස්තර කරන්න ශබ්දකෝෂයේ තියෙන කිසිම විශේෂණ පදයක් හොයා ගන්න බැරුව තුස්නිම්භූත වෙලා වගේම පුදුමයට පත් වෙලා ඉන්න නිසා වෙන්න ඇති.

"ඔයාගේ වයස කීයද Xiao Zhan?"
මම ඇහුවා.

එයා එතකොට මන් දිහා බැලුවා.මන් දන් නෑ මට විකාර දේවල් පේනවද කියලා,ඒත් මම දැක්කා ඔහුගේ තද දම් පැහැති දෑස් එක්වරම දුඹුරු පැහැයට හැරී නැවත දම් පැහැයට මාරු උනා කියලා.

මන් දන් නෑ මට විකාර දේවල් පේනවද කියලා,ඒත් මම දැක්කා ඔහුගේ තද දම් පැහැති දෑස් එක්වරම දුඹුරු පැහැයට හැරී නැවත දම් පැහැයට මාරු උනා කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(ඔයාලා ගොඩක් අය දුඹුරු කොන්ඩේ,දම් පාට ඇස් තියෙන බනීව බලන්න ඕනේ කියලා තිබ්බා.ඉතින් අපේ my_zazin අක්කා හරිම ලස්සන photo එකක් edit කරලා දුන්නා ඔන්න.අක්කට ගොඩක් ස්තූතියි.😍❤️ මන් edit කරන්න ගියා නම් කාලා නාලා හත්පොලෙත් ගා ගන්නවා.🤧)

"මම 25න් නැවතුනා."
ඔහු උත්තර දුන්නා.

"නැවතුනා? මොකක්ද ඔයා නැවතුනා කියලා කිව්ව එකෙන් අදහස් කරේ?"
මම ආපහු ඇහුවේ තරමක් කුතුහලයට පත් වෙලා.

චාන් උත්තර දුන්නේ නෑ.ඒ වෙනුවට එයා කරේ බිම බලාගෙන ඇගිලි වලින් සෙල්ලම් කරපු එක.එයා දීපු උත්තරේ නිසා මම ඇත්තටම ස්ප්‍රයිස් උනේ නෑ.මොකද එයාව අපිට හම්බුන වලේ ඉදන් ඔහු කිව්වේ අමුතු දේවල් නිසා.එයා මුලින්ම අපෙන් ඇහුවා අපි මිනිස්සුද කියලා.දැන් කිව්ව එකෙන් හරි නම් එයා අදහස් කරේ එයා වයසට යන එක අවුරුදු 25න් නැවතුනා කියන එක කියලා මට තේරුනා.

My Heart Beats on your Name [YiZhan ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ] SinhalaWhere stories live. Discover now